Home අද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළි – දිගු කලක සිට පවතින ගැටළු පැය...

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළි – දිගු කලක සිට පවතින ගැටළු පැය කිහිපයකින් විසඳන්න බෑ. ආණ්ඩුවෙන් පිළිතුරු

74
0

සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණොත් ලබන අඟහරුවාදා ( 5) වැනිදා සිට යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

පසුගිය 30 වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය දීපවාලී උත්සවය නිසා තාවකාලිකව අත්හිටු වූ බවත් ලබන අඟහරුවාදා වන විට විසඳුම් නොලැබුණොත් එම වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

උසස් වීම් ලබා ගැනීම,නැව බඳවා ගැනීම සිදුකිරීම,ස්ථාන මාරු ලබා ලබාදීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලා සිටින ඉල්ලීම් කිසි ලෙසකින්වත් ඉටු කළ නොහැකි බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි

උසස් වීම් ලබා දීම,ස්ථාන මාරු කිරීම සහ බදවා ගැනීම් සිදුකිරීම මැතිවරණ සමයේ සිදුකළ නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා එම ඉල්ලීම් දිගු කලක සිට පවතින ඒවා බව සිහිපත් කළේය

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ලිඛිතව දැනුම් දී තිබෙන බවත් දිගු කාලයක් තිස්සේ පවතින ගැටලුවලට පැය කිහිපයක් තුළ විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම කිසිසේත් සාධාරණ නොවන බව
විජිත හේරත් මහතා පවසයි.

කෙසේ නමුත් මැතිවරණය අවසන් වීමෙන් පසු මෙම සියලු ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleපොලිසියෙන් අපේ පෝස්ටර් වලට කළුතෙල් ගාලා මහින්දානන්දයගේ පෝස්ටර් ඉතුරු කරනවා – ලාල් කාන්ත
Next articleඡන්දෙට රාජ්‍ය හා පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here