Home Uncategorized IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ...

IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව

43
0

ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්. අප ආයතනය සමඟ සම්බන්ධ වී හෙද, භෞත චිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, පෝෂණය හා ආහාරවේදය, සෞඛ්‍ය සේවා කළමනාකරණය, ඩිජිටල් සෞඛ්‍යය හා විකිරණවේදය වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ ගණනාවකට අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට ඔබට අවස්ථාව තිබේ.

අප ආයතනය සතු අති නවීන පහසුකම් සහ අත්දැකීම් සහිත අධ්‍යයන කාර්ය මණ්ඩලය සිසුන්ට ඉතා පුළුල් ඉගැනුම් අත්දැකීම් සපයයි.

රෝගී සත්කාර, පර්යේෂණ, සහ සෞඛ්‍ය සේවා කළමනාකරණය වැනි ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට ගැළපෙන, ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක සපුරා ගැනීමට උපකාර වන අධ්‍යාපන වැඩසටහන් IIHS ආයතනය හඳුන්වා දී ඇත. එම අධ්‍යාපන වැඩසටහන් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තිකයෙකු බවට පත් වීමට අවශ්‍ය දැනුමෙන් සහ ප්‍රයෝගික අත්දැකීම්වලින් සිසුන් සන්නද්ධ කරයි.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටි සිසුන් සඳහා ඇති අවස්ථා පිළිබඳව නිසි අවබෝධයක් ලැබීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමෙන් පවා සාර්ථක වෘත්තිකයෙකු බවට පත් වීමට IIHS ආයතනය හඳුන්වා දී ඇති අධ්‍යාපන වැඩසටහන් සිසුන්ට උපකාර වනු ඇත.

ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, ෆින්ලන්තය සහ එක්සත් ජනපදය වැනි රටවල් රැසක පිහිටි ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබීම IIHS ආයතනයේ සුවිශේෂ ලක්ෂණයකි. එම හවුල්කාරිත්ව තුළින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුකූල අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට හැකියාව ලැබේ. සහතික පත්‍ර පාඨමාලාවක පටන් ආචාර්ය උපාධියක් දක්වා වන සෑම මට්ටමකටම අදාළ වන අධ්‍යාපන පාඨමාලා එම ආයතනය හඳුන්වා දී තිබේ.

ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති සහ අත්දැකීම් බහුල අධ්‍යයන කාර්ය මණ්ඩලයක් යටතේ සහයෝගිතාවෙන් පිරි පරිසරයක අධ්‍යාපනය හැදෑරීමට හැකි වීම තුළින් සිසුන්ට නිදහස් මනසකින් යුතුව සිය අධ්‍යාපනික සහ වෘත්තීය ඉලක්ක සපුරා ගැනීමට හැකි වේ. එබැවින් දීප්තිමත් සහ පැහැදිලි අනාගතයක් සඳහා පළමු පියවර තැබීමට ඔබට ලැබෙන මේ අවස්ථාව මඟ නොහරින්න. IIHS ආයතනය වෙත පැමිණීමෙන් අප පිරිනමන අධ්‍යාපන පාඨමාලා සහ ඒවාට සම්බන්ධ වීමේ ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු දැන ගත හැකිය. ඔබව සාදරයෙන් පිළිගැනීමටත්, ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ශක්තියක් වීමටත් අපි බලාපොරොත්තුවෙන් සිටිමු. IIHS ආයතනය සමඟ ඔබගේ ජීවිතයේ මීළඟ පරිච්ඡේදය ආරම්භ කිරීමට සූදානම් වන්න!

Previous articleනොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ – ආණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක්නම් කථාකරලා බේරගන්න – ලක්ෂ්මන් නිපුණආරච්චි
Next articleIIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here