Home අද වත්මන් ආණ්ඩුවේ හැසිරීම අනුව රට යළිත් පෝලිම් යුගයක් අභියස?

වත්මන් ආණ්ඩුවේ හැසිරීම අනුව රට යළිත් පෝලිම් යුගයක් අභියස?

9
0

වත්මන් ආණ්ඩුවේ හැසිරීම අනුව තවත් වසර එකහමාරක් යන තැන මෙරට යළිත් පෝලිම් යුගයක් ඇතිවෙන බවත්, එහිදී රට ආර්ථික අඝාධයකට වැටීමට නොදී බේරාගැනීමට නම් නොවැම්බර් 14 මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවමින් ශක්තිමත් විපක්ෂයක් ඇති කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි.

නමුත් කිසිම හේතුවක් මත අනුර දිසානායක පාලනය කඩාකප්පල් කිරීම තම පාර්ශ්වයේ අපේක්ෂාව නොවන බවත්, වත්මන් පාලකයන් ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකිරීමට කාලය ලබාදිය යුතු බවත් පෙන්වා දෙන ජයරත්න මහතා, බලය ගැනීමට පෙර ඔවුන් පැවසූ ආකාරයට , අඩු ආදායම් ලාභී පවුලකට මාසයක් සඳහා රුපියල් 25000ක දීමනාවක් ගෙවීම මෙන්ම රාජ්‍ය සේවකයින් ගේ වැටුප මාස හයෙන් හයට ඉහළ දැමීම ඇතුළු පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මිනිපේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව අනුර දිසානායක ව ජනාධිපති කරන්න තීන්දු කළා නම් මේ නොවැම්බර් 14 ට පස්සේ ඔහුව ගෙදර යවන්න හෝ, ඔලුගෙඩි මාරු කරලා බලය ගන්න හෝ අපේක්ෂා කරන්න නරකයි. අපි එතුමට මාස 6ක් , අවුරුද්දක් එකහමාරක් ආණ්ඩුව ගෙන යන්න අවස්ථාව දිය යුතුයි . මොකද රටේ නායකයා කවුද කියලා තෝරාගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා . ඔවුන් මැතිවරණයේ දී කතිරය සටහන් කරලා ඒ අයිතිය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව වගේම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා, නගර සභා සඳහා ද තත්ත්වය එයයි.

ජනතා තීරණය වෙන සෙල්ලම් දාලා වෙනස් කිරීම ජනතාව ගේ අයිතියට කරන බලපෑමක් වෙනවා . ඒ නිසා අපි එතුමට බෑ කිව්වත් අපේ සහාය දීලා රට කරලා පෙන්නන්න කියන්න අවශ්‍යයි .

අනිත් අතට අනුර දිසානායක මහතා අවුරුදු ගණනාවක් විපක්ෂයේ ඉන්නකොට කියපු කරපු කතා ගොඩක් තියෙනවා . ජනාධිපතිවරණය අවස්ථාවේ එතුමා කියපු විදිහට ඉදිරියේදී සෑම අඩු ආදායම් පවුලකටම මාසෙකට රුපියල් 25000 බැගින් දිය යුතුව තිබෙනවා . රාජ්‍ය සේවකයන් ට මාස හයෙන් හයට වැටුප් වැඩිකිරීම කළ යුතුව තිබෙනවා. තවත් බොහෝ කතා ඔවුන් කියා තිබෙනවා . ඒ ඔවුන් කියපු දේවල් කරන්න වසරකට රුපියල් බිලියන 6800ක් පමණ වැය වෙනවා. නමුත් රජයේ ආදායම තියෙන්නේ රුපියල් බිලියන 3800ක් වගේ ප්‍රමාණයක්. අපි බලමු ඔවුන් මේ කියපු දේවල් කරන්නේ කොහොමද කියලා.

පසුගිය සමයේ අපි ආණ්ඩුව විදිහට දිළිදු ජනතාවට අස්වැසුම දුන්නා. වැඩිහිටි දීමනා දුන්නා. පොහොර සහනාධාරය දුන්නා. ඒ ණය අරගෙන නෙවෙයි , රාජ්‍ය ආදායම් උත්පාදනය කරමින් අපි ජනතාවට සහන දුන්නා. නමුත් මේ ආණ්ඩුව මීට පෙර කිසිම ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයට ණය ගනිමින් සිටිනවා. ආදායම් වැඩි කිරීමක් පේන්නවත් නෑ.

Previous articleහිටපු අමාත්‍යවරු 12 කට එරෙහිව නඩු
Next articleහිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here