Home අද හිටපු අමාත්‍යවරු 12 කට එරෙහිව නඩු

හිටපු අමාත්‍යවරු 12 කට එරෙහිව නඩු

20
0

නිල නිවාස මෙ‍ෙතක් බාර නොදුන් හිටපු ඇමතිවරු 12 දෙනෙකුට එරෙහිව අධකරණයේ නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

හිටපු ඇමතිවරු බාරයේ ඇති නිල නිවාස බාරදෙන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද ඇමතිවරු 12 දෙනෙක් 2024.10.30 දින තෙක් නිල නිවාස බාරනොදීම නිසා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රකාශක‍යෙක් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

ඇතැම් නිල නිවාස වල මාස ගණනාවකට අදාල ජල හා විදුලි බිල්පත් තවමත් ගෙවා නොමැති බවත්, එම බිල් පියවා මෙම මස (ඔක්තෝම්බර්) 30 දිනට පෙර නිල නිවාස බාරදෙන ලෙස ඇමතිවරුන්ට ලිඛිතව දැනුම් දී තිබුණ ද මෙතෙක් එම බිල්පත් ගෙවීමට කිසිදු ඇමතිවරයෙක් කටයුතු කර නොමැති බවද සඳහන් කළේය.

ඇමතිවරුන්ට නිල නිවාස බාරදීමේදී ඒවායේ තිබූ බඩු භාණ්ඩ පිළිබඳව මේ වන විට භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර තිබෙන බවත්, විදුලි හා ජල බිල්පත් ගෙවා නිල නිවාස බාරනොදුන් ඇමතිවරුන්ට එරෙහිව ලබන සඳුදා(නොවැම්බර් 04) නඩු පැවරීම සිදුකෙරෙන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleජනපති, අගමැති සහ ඇමතිලා තම පෞද්ගලික දේශපාලන පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම සුදුසු නෑ – මැතිවරණ කොමසාරිස් ජනරාල්
Next articleවත්මන් ආණ්ඩුවේ හැසිරීම අනුව රට යළිත් පෝලිම් යුගයක් අභියස?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here