Home අද මාලිමාවට රටක් පාලනය කිරීමේ හැකියාව හා දක්ෂතාව නැති බව පෙන්වා හමාරයි –...

මාලිමාවට රටක් පාලනය කිරීමේ හැකියාව හා දක්ෂතාව නැති බව පෙන්වා හමාරයි – සජිත් ප්‍රේමදාස

235
0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේදී අවශ්‍ය කුසලතාව හැකියාව හා දක්ෂතාව නොමැති බව පෙන්වා ඇති බවත් මැතිවරණයේදී කියූ ආකාරයට අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනය කරන්නත් නොහැකි වී ඇති බවත් එම නිසා පොල් ගෙඩිය පවා ලබා ගන්න පෝලිම් යුගයට යෑමට සිදුව ඇති බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ දෙහිවල පැවැති ජන හමුවක් හා එක්වෙමිනි.

රටේ ජනතාවගේ ආදායම අඩුව බඩු මිල ඉහළ යෑම නිසා දූදරුවන්ට අවශ්‍ය ආහාර දිය නොහැකි පවුල් ලක්ෂ ගණනින් ඇති බවත් මන්දපෝෂණය වර්ධනය වී මව්වරුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය අඩුව ඇති බවත් මේ රජයට ජනතාව ජීවත් කරවන්න විසඳුම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම අප රට 2028 සිට විදේශ ණය ගෙවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් සංචිත තිබිය යුතු බවත් එසේ ඩොලර් ලබාගන්නා ක්‍රමවේද වේගවත් විය යුතු බවත් 2028දී ද ඩොලර් නොමැතිව ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිරි වසර හතර තුළ රටේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යා යුතු බවත් මන්දගාමී ආර්ථිකයක් තුළ ණය ගෙවිය නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ජීවත් කළ හැක්කේ සමගි ජන බලවේග රජයකට පමණක් නිසා ඒ වෙනුවෙන් එක්වන ලෙස සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

තවද සැවොම එකට එකතු වී ජීවත් වන්නට පුලු‍වන් මූලික අවශ්‍යතාව සපුරා ගත හැකි රටක් කුසගින්නෙන් බඩගින්නෙන් තොර රටක් නිර්මාණය කරන්න සමගි ජන බලවේග රජයකට ශක්තිය ලබාදෙන ලෙසත් ලක්ෂ 220 ජනතාවගේ අවශ්‍යතාව මත රට ගොඩනගන්න සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Previous articleBRICS සංවිධානයේ සාමාජිකයකු වෙන්න ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
Next articleඅපිත් ආසයි අනුර ජනාධිපතිතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න – විජිත හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here