Home අද “බැරිකම කියන එක වෙනයි, බොරු කියන එක වෙනයි” – දිසානායකට, දිසානායක කියයි

“බැරිකම කියන එක වෙනයි, බොරු කියන එක වෙනයි” – දිසානායකට, දිසානායක කියයි

304
0

අනුර කුමාර දිසානායකට මතක් කළ යුතුයි එතුමා වගේම මමත් අනුරාධපුරයේ මෙන්ම දිසානායක කෙනෙක් බවත් බැරිකම කියන එක වෙනයි, බොරු කියන එක වෙනයි යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) පස්වරුවේ අනුරාධපුරයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඉතාමත් පැහැදිලිව ජනාධිපතිවරණය අවසන් වෙලා දින , මාස ගණනාවක් ඇතුළත පොරොන්දු ඉෂ්ඨ කරන බව පැවසුවද මේ වන විට එම කණ්ඩායම එහෙම පොරොන්දුවක් වුණේ නැති බවත් එහෙම දෙයක් ජනතාව වෙනු‌වෙන් පැවසුවේ නොමැති බව කියන කාරණාව කියන්න ආරම්භ කරලා තියෙනවා බව දුමින්ද දිසානායක කියා සිටියා.

එමෙන්ම අපි ඉල්ලීමක් කරනවා අනුර කුමාරගෙනුත්, අනෙකුත් සියලු දෙනාගෙනුත් තමන් මැතිවරණය වෙනුවෙන් යම්කිසි පොරොන්දුවක් වුණා නම් දේශපාලන වේදිකාව තුළ ඒ දේ කිව්වේ නෑ කියන කාරණාව කියන්න සූදානම් වෙන්න එපා ලෙස යැයි ඔහු පවසා සිටියා.

තව ද ජනාධිපතිවරයා පිළිබඳව මේ රටේ ජනතාව තැබූ විශ්වාසය දිනෙන් දින විනාශ වෙනවා, දිනෙන් දින නැති වෙනවා යැයි ඔහු අනාවරණ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක “ඔබතුමන්ලාම දැක්කා මේ අපි පෙන්නපු වීඩියෝ දර්ශනයේ අනුර කුමාර වර්ථමාන ජනාධිපතිවරයා, මැතිවරණයට කලින් කරපු ප්‍රකාශය ඇත්ත එකක්, ඒක අපි කරපු එකක් නෙමෙයි, එතුමා මැතිවරණ වේදිකාවේ කියපු කාරණයක්.ඒ වගේම කැබිනට් ප්‍රකාශක විදිහට විජිත හේරත් මැතිතුමා කළ කථාවත් මේ රටේ, සමාජයේ කරපු කථාවක්නේ.මේකෙන්ම පේනවා කවුද බොරු කියන්නේ කියන කාරණාව.එදා වේදිකාවේ පඩි වැඩි කරනවා, මේකට වැඩපිළිවෙලක් ගේනවා කියන ගමන්ම, ජනාධිපති වුණාට පස්සේ, ඇමතිවරයෙක් විදිහට, කැබිනට් ප්‍රකාශක විදිහට විජිත හේරත් කියනවා නම් අපි මේක පොරොන්දු වුණේ නෑ, ජනාධිපතිතුමා පොරොන්දු වුණේ නෑ කියනවා නම් එතනදී පේන්න තියෙනවා දුමින්දද බොරු කියන්නේ විජිතද බොරු කියන්නේ කියලා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

Previous articleකෑම වලට බදු ගහන්නේ නෑ කියලා ආපු ආණ්ඩුවෙන් මාලු, උම්බලකඩ, පරිප්පුවලට බද්දක්
Next articleඩඩ්ලි දෙනවා කිවුව හාල් කෝ???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here