Home අද එක්තරා පිරිසකගෙන් අයවිය යුතු බදු අයනොකර අතහැර දමන්න සිදුවෙනවා – අනුර කුමාර...

එක්තරා පිරිසකගෙන් අයවිය යුතු බදු අයනොකර අතහැර දමන්න සිදුවෙනවා – අනුර කුමාර දිසානායක

406
0

බදු නොගෙවා පැහැර හැර මේ වන විට අධිකරණය හමුවේ ඇති ට්‍රිලියනක පමණ රටට හිමිවිය යුතු මුදල් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වනු ලැබුවා.

ඒ දෙරණ නාලිකාවේ පැවති 360 දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට නඩු කටයුතු අවසන් වී ඇති මුදල් යම්කිසි සැලැස්මක් සමඟ අයකරගත යුතු බවත්, අනෙක් බදු මුදල් නැවත ගොඩ නොගැසෙන ලෙස සැලැස්මකුත් සැකසිය යුතු කියා සිටි ඒ මහතා ගොඩ ගැසී රටට අයවියුතු බදු මුදල් වලින් සමහර ඒවා අත්හැරීමටද සිදුවන බව කියා සිටියා.

රජයට අයවිය යුතු සෑම සතයක්ම රජය ලබාගන්නා බවට ජාතික ජන බලවේගය රට තුළ ගොඩ නඟා ඇති මතය සමඟ එලෙස ලැබිය යුතු මුදල් අත්හැරීම කල හැකිද යන ප්‍රශ්නය එවිට නිවේදකයා විමසා සිටියා.

එයට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ “මට හම්බවෙන්නේ මම විසින් සකස් කළ කේක් එකක් නෙමෙයිනේ. මට හම්බවෙන්නේ මැටි වගේ හදපු කේක් එකක්. ඒක මට ඕන විදියට කෑලි කපන්න බෑ.මැටි කේක් කපන කොට පොඩි කෑල්ලක් එලියට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි ඇත්ත.”

Previous articleආර්ථිකය වර්ධනය වෙමින්, බදු ආදායම ඉහළ යමින් තිබෙනවා. එය අපි පිළිගත යුතුයි – අනුර කුමාර දිසානායක
Next articleරනිල් ගෙනාපු මහබැංකු පණතට විරුද්ධයි. හැබැයි අපි ඒක වෙනස් කරන්නේ නැහැ – අනුර කුමාර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here