Home අද විජේවීර සහෝදරයව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා අද මාලිමාවේ පහන් පත්තුකරනවා – තොපිට...

විජේවීර සහෝදරයව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා අද මාලිමාවේ පහන් පත්තුකරනවා – තොපිට හෘද සාක්ෂියක් නැද්ද?

1264
0

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා පණ පිටින් සිටියදී අදාහනාගාරයට අද දැමූ මේජර් ජෙනරාල් වරයා අද මාලිමාවේ රැස්වීම් වල ප්‍රධාන ආරාධිතයකු ලෙස පැමිණෙන විට රෝහණ විජේවීර මහතාගේ අවසන් මොහොතේ ඡායාරූපගත් පුද්ගලයා ලෙස එම වේදිකාවේ සිටගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පවසනවා.

එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක නුවන් බෝපගේ මහතා සහභාගී වූ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා පණ පිටින් ආදාහනාගාරයට අද දැමූ පුද්ගලයින් සමඟ ඡායාරූප ගැනීමට පවා එම ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් කටයුතු කරන බව පෙන්වා දුන් ඉන්ද්‍රානන්ද මහතා ඔවුන් හෘද සාක්ෂිය කොහේදැයි ප්‍රශ්න කර සිටියා.

එමෙන්ම තමන් සමඟ එකට රතු කමිස ඇඳ සිටි මාලිමාවේ පිරිස් දැන් ක්‍රමක්‍රමයෙන් දම් පාටට හැරෙමින් සිටින බවත් ජනතාවට ලබාදෙන පත්‍රිකාවේ නිදහස් අධ්‍යාපනය ගැන සඳහන් කර ඇත්තේ සැබෑ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු නොවන බවත් පිටු 233කින් සමන්විත සැබෑ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම සම්බන්ධයෙන් සදහන් බවත් ඔහු කියා සිටියා.

අනුර කුමාර දිසානායක, කේ. ඩී. ලාල්කාන්තා මෙන්ම සුනිල් වටගල යන මහත්වරුන්ගේ දරුවන් කිසිවකු රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරා නොමැති අතර ඔවුන් සියලුදෙනාම පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ ජාතික කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ දරුවාද අධ්‍යාපනය හදාරන්නේ අන්තර්ජාතික පෞද්ගලික පාසලක බව කියා සිටි ඔහු රැකියාවක් නොකර මෙලෙස පෞද්ගලික පාසල් සහ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබාදෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

ඒ අතර ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ තමන්ගේ දියණියගේ උපන්දින සැමරුම බත්තරමුල්ලේ සුපිරි හෝටලයක සමරු බවත් ඔවුන්ට මෙවැනි කටයුතු සඳහා මේ වනවිට මුදල් ලැබී ඇති බවද සඳහන් කළා

Previous articleධවල පත්‍රිකාවට විරුද්ධවු ජවිපෙ ම අද එය හදුන්වා දීලා – වසර 42 ක් ගතවීම ගැන කණගාටුයි
Next article450MW අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය වහාම නතර කරනවා.! -අනුර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here