Home අද වැටුප් වැඩිකරන්න කැබිනට් එක තීරණය කරලා ඉවරයි – නීරීක්ෂණ සංවිධාන කොහොමද ඒක...

වැටුප් වැඩිකරන්න කැබිනට් එක තීරණය කරලා ඉවරයි – නීරීක්ෂණ සංවිධාන කොහොමද ඒක නැහැ කියන්නේ

820
0

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබියදී නිරීක්ෂණ සංවිධාන එය අසත්‍යයක් ලෙස පවසන්නේ කුමන පදනමක් මත සිටිද යන්න තමා නොදන්නා බවත් එවැනි සංවිධානද දේශපාලනීකරණය වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

#AskRanil Youth Q&A සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

වැටුප් වැඩිකිරීමට අදාළ තීරණය කැබිනට් මණඩලය ලබාගත් බව පැවසු ජනාධිපතිවරයා මේසේද ප්‍රකශා කළේය.

“වැටුප් වැඩිකරන්න කැබිනට් එක තීරණය කරලා ඉවරයි. මම දන්නේ නැහැ නීරීක්ෂණ සංවිධාන කොහොමද කැබිනට් එකට ඇතුල් වෙන්නේ කියලා. මේවගේ දෙවල් කියද්දි අපිට ඇතිවෙන ප්‍රශ්නය තමයි මේවා ඇත්තටම ස්වාධීනද දේශපාලනද කියන ප්‍රශ්නය.  පඩි වැඩිකරන්න කැබිනට් තීරණයක් ගත්තේ හේතු කිහිපයක් නිසා. කාලෙකට කලින් එක එක ඉල්ලීම් තිබුණා. සමහර තැන්වල වර්ජන තිබුණා. අපි කිව්වා එහෙම ගෙවන්න බැහැ කියලා. අපි කොමිටුවක් පත් කළා. එහි තීරණ අනුව පඩි වැඩිකරන්නම් කියලා අපි කිව්වා. ඒ අනුව උදය සෙනවිරත්න කමිටු වාර්තාව අපිට ලබලා දුන්නා. ඒ වාර්තාව අනුව තමයි අපි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. 2025 වෙද්දි මේ වාර්තාව අනුව ක්‍රියාත්මක වෙන්න මුදල් අපිට තියෙනවා. රජයේ සේවකයින්ටත් අපි සහනයක් ලබාදිය යුතුයි.” යැයි පැවසීය.

වැටුප් වැඩිකිරීම අසත්‍යයක් පවසමින් නිරීක්ෂණ සංවිධිාන කර තිබු ප්‍රකාශ මාධ්‍යයේ පළවී තිබුණු අතර ඒ පිළිබඳ යොමුවු ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේබව කීවේය.

Previous articleඅපේ දරුවන් වෙනුවෙන් නාමල් අභියෝගයක් භාරගනී
Next article අත්හදාබැලීම් කළ බංග්ලාදේශය අවුලෙන් අවුලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here