Home අද ජනමතය රනිල්ව පළමු තැනට ඔසවයි – අනුර සජිත් විසි වේ. (නවතම සමීක්ෂණ...

ජනමතය රනිල්ව පළමු තැනට ඔසවයි – අනුර සජිත් විසි වේ. (නවතම සමීක්ෂණ වාර්තාව මෙන්න)

3406
0

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය මඟින් 2024 ජනපතිවරණය සම්බන්ධයෙන් කරනු ලබන සමීක්ෂණයේ 2024 මුල් භාගයේ (ජන-ජුලි) ලැබුන වාර්තා වලට වඩා ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ට ලැබෙන මහජන අභිප්‍රායේ සැලකිය යුතු වෙනස්කම් මේ වනවිට සිදුව තිබෙනවා.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා කැමැත්ත දෙගුණයටත් වඩා ඉහල ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 22% කි. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන අපේක්ෂකයින්ගේ ජනතා කැමැත්ත සැලකිය යුතු මට්ටමින් පහත වැටි ඇත.

May be an image of text

රනිල් වික්‍රමසිංහගේ සහය 22% දක්වා, දෙගුණයකටත් වඩා වර්ධනය වී ඇති අතර එය සිංහල ජනතාව, වැඩිහිටි සහඉහළ මධ්‍යම පාන්තික ඡන්දදායකයින් අතර ඔහු සැලකිය යුතු වර්ධනයක් ලබා ඇත. ඔහු ලද සහයෝගයේ විශාලතම වර්ධනය සිදුව ඇත්තේ අරගල-විරෝධී තරුණ ඡන්දදායකයින් (26%) සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡන්දදායකයින් අතර ය.

May be an image of blueprint and text

අනුර දිසානායකට ලැබෙන සහයෝගය සමස්තයක් ලෙස (-7%) පහත වැටී ඇති අතර, එය සිංහල (-9%), තරුණයින් (-17%) සහ අරගලයට පක්ෂ (-9%) ඡන්දදායකයින් අතර සහයෝගය සැලකිය යුතු ලෙස පහත වැටි තිබේ.

May be an image of map and text

සජිත් ප්‍රේමදාසට ලැබෙන සහයෝගය වයස්ගත වැඩිහිටියන් (-9%) අතර පහත වැටුණු නමුත්, දුප්පත් ශ්‍රී ලාංකිකයන් (+3%), මුස්ලිම්වරුන් (+4%) සහ තරුණයින් (12%) අතර වර්ධනය වී ඇත.

මෙම වෙනස්කම්වලින් 2024 පළමු මාස හත තුළ ඡන්දදායක කැමැත්තෙ ගතික වෙනස්වීම් පිළිබිඹු කරනු ලබයි.

Previous article අත්හදාබැලීම් කළ බංග්ලාදේශය අවුලෙන් අවුලට
Next articleආන්දෝලනාත්මක කුලියාපිටිය වාහන එකලස් කරන ෆැක්ටරියේ වැඩ අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here