Site icon Newshub

ජනමතය රනිල්ව පළමු තැනට ඔසවයි – අනුර සජිත් විසි වේ. (නවතම සමීක්ෂණ වාර්තාව මෙන්න)

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය මඟින් 2024 ජනපතිවරණය සම්බන්ධයෙන් කරනු ලබන සමීක්ෂණයේ 2024 මුල් භාගයේ (ජන-ජුලි) ලැබුන වාර්තා වලට වඩා ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ට ලැබෙන මහජන අභිප්‍රායේ සැලකිය යුතු වෙනස්කම් මේ වනවිට සිදුව තිබෙනවා.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා කැමැත්ත දෙගුණයටත් වඩා ඉහල ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 22% කි. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන අපේක්ෂකයින්ගේ ජනතා කැමැත්ත සැලකිය යුතු මට්ටමින් පහත වැටි ඇත.

රනිල් වික්‍රමසිංහගේ සහය 22% දක්වා, දෙගුණයකටත් වඩා වර්ධනය වී ඇති අතර එය සිංහල ජනතාව, වැඩිහිටි සහඉහළ මධ්‍යම පාන්තික ඡන්දදායකයින් අතර ඔහු සැලකිය යුතු වර්ධනයක් ලබා ඇත. ඔහු ලද සහයෝගයේ විශාලතම වර්ධනය සිදුව ඇත්තේ අරගල-විරෝධී තරුණ ඡන්දදායකයින් (26%) සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡන්දදායකයින් අතර ය.

අනුර දිසානායකට ලැබෙන සහයෝගය සමස්තයක් ලෙස (-7%) පහත වැටී ඇති අතර, එය සිංහල (-9%), තරුණයින් (-17%) සහ අරගලයට පක්ෂ (-9%) ඡන්දදායකයින් අතර සහයෝගය සැලකිය යුතු ලෙස පහත වැටි තිබේ.

සජිත් ප්‍රේමදාසට ලැබෙන සහයෝගය වයස්ගත වැඩිහිටියන් (-9%) අතර පහත වැටුණු නමුත්, දුප්පත් ශ්‍රී ලාංකිකයන් (+3%), මුස්ලිම්වරුන් (+4%) සහ තරුණයින් (12%) අතර වර්ධනය වී ඇත.

මෙම වෙනස්කම්වලින් 2024 පළමු මාස හත තුළ ඡන්දදායක කැමැත්තෙ ගතික වෙනස්වීම් පිළිබිඹු කරනු ලබයි.

Exit mobile version