Home අද අනුර සහෝදරයා වැරැද්දක් කලොත් අපි එයාවත් එළවනවා – සංගීත් විජේසූරිය

අනුර සහෝදරයා වැරැද්දක් කලොත් අපි එයාවත් එළවනවා – සංගීත් විජේසූරිය

1000
0

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත්වු පසු වැරදි කළහොත් ඔහුව පන්නා දැමීමට කලාකරුවෝ පාරට බහින බව කලාකරු සංගීත් විජේසුරිය මහතා පවසනවා.

ජාතික ජන බලවේලයට සහය දක්වන කලාකරුවන්ගේ හමුවකට එක්වෙමින් හෙතෙම මේබව ප්‍රකාශ කර ඇති අතර වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර තිබෙනවා.,

“කලාකරුවෝ කවුරුවත් පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තුවෙන් නෙවෙයි අනුර කුමාරට සහයෝගය දෙන්න ඇවිත් ඉන්නේ . එයාලා දන්නවා එයාල ජීවත්වෙන්නේ මිනිස්සු නිසා කියලා. මිනිස්සුන්ගේ ජීවිත පහළට ගියාම කලාකරුවා නිකම්ම පහළට යනවා. කලාකාරයෝ කියන්නේ පෙරගමන්කරුවෝ. මිනිස්සුන්ව ගොඩදාගන්න තමයි අපි මෙතෙන්ට ඇවිත් ඉන්නේ.  මේ පක්ෂයට මෙවැනි කලාකාරයෝ මිණිපහනක්. අපි හැමෝම ඇවිත් ඉන්නේ රට වෙනුවෙන්. අනුර ඔයාත් වැරදි කළොත් එයාවත් අපි එළවනවා. අපේ රටට නරකක් කළොත් එයාවත් අපි එළවනවා.” යැයි පවසා ඇත.

Previous articleආන්දෝලනාත්මක කුලියාපිටිය වාහන එකලස් කරන ෆැක්ටරියේ වැඩ අරඹයි
Next articleසජිත්ගේ දිවුරුම්දීම මිහින්තලාවේ අඹ ගහක් යටදී සිදුකිරීමට යෝජනාවක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here