එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට තලතා අතුකෝරාල මහත්මිය තීරණය කර තිබේ.
ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ ජන රැලියට අද(08දා) එක් විය.
තලතා අතුකෝරල මන්ත්රීවරිය පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ සමගි ජනබලවේලය සම්බන්ධයෙන් කලකිරීමෙන්ය.