Home අද මම සුව කරපු ලෙඩාට බෙහෙත් කියලා කසිප්පු පොවන්න එපා

මම සුව කරපු ලෙඩාට බෙහෙත් කියලා කසිප්පු පොවන්න එපා

593
0

හඳහන බලා පත්තුවක් බැඳ තිත්ත කසාය දී  අමාරුවෙන් සුවකළ ලෙඩව අයෙත් ලෙඩ කරන්න හොර වෙද්දු දෙන්නෙක් දඟලන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(06දා) පැවති  දේශීය වෛද්‍ය සමුළුවට එක්වෙමින් සඳහන් කළේය. ලෙඩා සුවපත්කරගනිමින් ඉදිරියට රැගෙන යනවාද නැතිනම් තවත් ලෙඩ කරනවාද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දෛශීය වෛද්‍ය ක්‍රමයේ විද්‍යානූකූල පසුබිම සොයාගනිමින් එය දියුණු කළ යුතු බවත් ඒ සඳහා ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය,

“2022 මටත් ලෙඩෙක් භාරදුන්නා සුවකරන්න කියලා. මුලින්ම හඳහන දිහා බලන්න වුණා. ඊටපස්සේ ලෙඩා ගෙනත් කොහොම හරි පත්තුවක් බැන්දා. තිත්ත කසාය දුන්නා . ගුලියක් දුන්නා. කොහොමහරි අවුරුදු දෙකක් යන්න කලින් ලෙඩා දැන් නැඟිටලා ඉන්නවා. ඒ විදිහට සුවකළාට පස්සේ දැන් ලෙඩා මොකද කරන්නේ.

දැන් ආපහු කොහෙන්ද මන්දා ඇවිත් කෙනෙක් සුව වු ලෙඩාව ලෙඩකරන්න හඳහනවා. දෙන්න හඳහ බේත හරියට කසිප්පු වාගේ. කැරපොත්තො දාලා ඇණ දාලා ඒකට නොදාපු දෙයක් නැහැ. දැන් තියෙන්නේ සුව වුණු ලෙඩා මේ බොහොත බොනවද නැද්ද කියන කාරණය.  බිව්වොත් ඉවරයි. ආපහු ගොඩගන්න බැහැ. ලෙඩා එහෙම නොකර තව දුරටත් සුවපත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මොකද මෙහෙම ලෙඩක් හැඳුනාම ලේසි පහසු නැහැ. මේසැරේ අපි ලෙඩාව සුවකරගන්න පිටරටිනුත් වෙඳමහත්තුරුයි දොස්තරමහත්තුරුයි ගෙනවා. වොෂින්ටන් වලින් ටෝකියෝ වලින් ගෙනවා. රටවල් 18 න් වෛද්‍යවරුන් අරගෙන ආවා. මේ ප්‍රතිකාර සියල්ලම කළාට පස්සේ කවුද එක්කෙන් ඇවිත් කියනවා එයා මේ ඔක්කොම දන්නවා කියලා. ඉතිං කොහොමද කරන්නේ. එහෙම කියලා දෙන්න යන බෙහෙත් වට්ටෝරුව දිහා දැක්කාම බය වෙනවා. අද මේ රටට තීරණය කරන්න වෙලා තියෙන්නේ ඒකයි.

දේශීය වෛද්‍යවරුන් අපිට ඉල්ලීම් ගණනාවක් යොමුකරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කරන්න අපි ලැස්තියි. දේශීය වෛද්‍ය ක්‍රමය අපි ආරක්ෂා කළ යුතුයි වගේම එය දියුණු කළ යුතුයි.

ඉන්දියාව දේශීය වෛද්‍ය ක්‍රමය ගැන විශාල පර්යේෂණ කරනවා. අපි අපේ වෛද්‍ය ක්‍රමය ගැන එහෙම කරලා නැහැ.  දේශීය වෛද්‍ය ක්‍රමය ගැන පර්යේෂණ කරන්න ඉතිහාසය හොයන්න මේ සියල්ල කරගෙන යන්න තිබෙනවා. එහෙම කරන්න නම්  අපිට පාරම්පරික වෙදමහත්වරුත් ඒතැනට ඇතුල්කළ යුතුව තිබෙනවා. කවුරුවත් කොන් කරලා මේක කරන්න බැහැ.

ඒවගේම ජෝතිෂ්‍යයත් මෙයට එකතු වෙනවා. ඒකේ වරදක් නැහැ. එතනත් යම් කිසි ගණිත ක්‍රමයක් තියෙන්නේ. මේ සියල්ලම එකතුවෙලා තියෙන්නේ. ඒක වෙන්කරන්න බැහැ. මේ පසුබිම සොයාගෙන තමයි අපිට අලුත් රාමුවක් නිර්මාණය කරන්න සිදුවෙලා තියෙන්නේ. මේ අංශ සියල්ලම පිළිගන්න අලුත් නීතියක් ගෙන ඒමට අවශ්‍යයි. මේ දේවල් කරන්න අයුර්වේද දෙපාර්තමේන්තුව පමණක් මදි. ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් අපිට ඇති කරන්න තියෙනවා. එමගින් අපේ දීර්ඝකාලීන අරමුණු වගේම ජාතික සැලස්මකුත් ඇති කරන්න තිබෙනවා. මේ අංශය ප්‍රතිසංවිධානය කිරීම ගැන අපි අලුතින් හිතමු. ඒ සඳහා සියලු කොට්ඨාශ ඒකතුකරගම්මු. වෛද්‍ය විද්‍යාවක් විදිහට ආයුර්වේදය දියුණුකරන්න උත්සහකරමු. දේශීය වෛද්‍ය ක්‍රමයේ විද්‍යාත්මක පසුබිම සොයාගෙන මෙය දියුණුකරමු. ඒ අනුව ඉදිරියට යමු. ඒවගේම සංචාරක ව්‍යාපාරයත් මෙයට එකතු කරමු.

ඒවගේම තව ටික කාලයක් යද්දි AI වලිව් හඳහන් බලන්න යයි. එහෙම උනොත් ඔබතුමාලටත් රැකියා නැතිව යයි. කොහොම උනත් මේ ගැන හොයලා බලනවට මගේ විරුද්ධත්වයක් නැහැ. යනුවෙන්ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Previous article“රනිල් පරද්දවන්න සජිත් – නාමල් ගහපු ඩීල් එක පැහැදිලියි “
Next articleනිහඩවෙලා හිටපු ‌බොහෝ අය මේ සති දෙකේ ජනපති වෙනුවෙන්  ඉදිරියට එයි  – කංචන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here