Home අද කොළඹ වරාය නගරයේ – “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත...

කොළඹ වරාය නගරයේ – “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

525
0

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණ.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වේ. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් මහතා ඇතුළු මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සැංග් කුයිෆෙන්ග් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleරාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවත්කෙරේ
Next articleසජිත්ගේ ඉංග්‍රීසි දැනුම කොච්චරද කියනවානම් විලියම් ෂේක්ස්පියර් පවා ටියුෂන් ඇවිත් තියෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here