Home අද සජිත් ප්‍රේමදාසට කිසි දවසක අනුර දිසානායක පරාජය කරන්න බෑ

සජිත් ප්‍රේමදාසට කිසි දවසක අනුර දිසානායක පරාජය කරන්න බෑ

834
0

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂයේම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පරාජය කිරීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අද(04දා) පඩුවස්නුවර පැවති “ජයගමු ශ්‍රී ලංකා” ජනහමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.

එබැවින් සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීම කිසිම තේරුමක් නොමැති ක්‍රියාවක් බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති වික්‍රමසිංහ මහතා,

සජිත් ප්‍රේමදාසට කිසි දවසක අනුර දිසානායක පරාජය කරන්න බෑ.  ඇයි? මේ රටේ හැමවෙලේම තරඟේ  තිබුනේ දෙන්නෙක් අතර ආණ්ඩුවෙන් එක්කෙනයි විපක්ෂේ එක්කෙනයි ඉස්සර කාලේ අගමැති වෙන්න දැන් ජනාධිපති වෙන්න අගමැතිවරයා තමන්ගේ පක්ෂේ බලාගන්නවා වෙන කාටවත් නෙමෙයි තමන් අපේක්ෂකයා වෙන්න.

විපක්ෂ නායකයා බලාගන්න ඕනේ තමන් හැර විපක්ෂේ වෙන එක්කෙනෙක් අපේක්ෂකයා නෙමෙයි කියලා. මම හිටපු කාලේ මම කාටවත් ඉඩදුන්නේ නෑ වෙන එන්න මහින්ද රාජපක්ෂ හිටපු කාලේ ඉඩදුන්නේ නෑ වෙන එක්කෙනෙක්ට එන්න ඉතිං සජිත් ප්‍රේමදාස ඕක කරන්න තිබුනේ.

හැමදාම පාර්ලිමේන්තුවේ නැගිටලා ඕපාදූප කතා කරලා, හැමදාම පැය දෙක තුන නාස්ති කරලා අන්තිමට මොකක්ද සිදුවුනේ අනුර දිසානායක ඇවිල්ලා  සජිත්ට තර්ජනයක් වෙලා.

සජිත්ට බෑ අනුර දිසානායක පරද්දන්න සජිත් භාගේ වෙලාවට කරන මෝඩකමෙන් අනුර දිසානායකට උදව් කරනවා ඇති. ඉතිං ඒක මතක තියාගන්න. එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාටම කියනවා. මේක ආරම්භ කලේ ඩී. එස්. සේනානායක තව ඉදිරියට ගෙනිච්චේ ඩඩ්ලි සේනානායක ඒ උරුමය තමයි මම මෙතැනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

මේ සැරේ ඒක අරගෙන ඇවිල්ලා  තියෙන්නේ රට වෙනුවෙන් හැම එක්කෙනාම එකට එකතුවෙලා වැඩ කරන්න” යැයි සඳහන් කළේය

Previous articleස්මාර්ට් කෘෂිකර්මයක් හරහා රට අපනයන ආර්ථිකයකට යොමුකරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
Next articleලෝකයේ හොඳම නැගීඑන මුදල් ඒකකය  බවට ශ්‍රී ලංකා රුපියල පත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here