Home අද දෙමල ඡන්ද හොරකම් කරන්න හැදු සජිත්ට සිදුවුණ දේ ජනපති කියයි

දෙමල ඡන්ද හොරකම් කරන්න හැදු සජිත්ට සිදුවුණ දේ ජනපති කියයි

758
0

දෙමල පක්ෂවල ඡන්ද හොරකම් කරන්න සැරසුන සමගි ජන බලවේගයට යාපනයේ කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සම්මේලනයට එක්වෙමින් අද(02දා) මේබව ප්‍රකාශ කළේය.

සජබය දේශපාලන පක්ෂවල ඡන්ද සොරකම් කිරීමට යන අතරේ මාලිමාවට සිය අතීතය අමතකවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“අපේ අරගලය වෙසක් ඇති කරන්න. අපේ අරගලය රට ඉදිරියට ගෙනියන්න. රට වෙනුවෙන් එකතුවෙන්න මේ රටේ දේශපාලන පක්ෂවලට එකතුවෙන්න පුළුවන් කියලා පෙන්වන්න අපි අරගල කරනවා. හැමදාම මේ රට හිඟන රටක් විදිහට ඉන්න බැහැ. අපිට අවශ්‍ය මුදල් අපි උපයාගත යුතුයි. අපේ ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් ලබාදිය යුතුයි.

කෘෂිකර්ම නවීකරණයෙන්, සංචාරක කර්මාන්තය දියුණු කරලා අපි ගමට එනවා. අලුත් ආයෝජන කලාප ඇති කරනවා. අපි මේ රට දියුණු කරනවා. ලක්ෂ 20 ට ඉඩම් අයිතිය දුන්නා.  අස්වැසුම දෙනවා. මේවත් විප්ලවයක්.

මේ අතරේ සජබේ මොකද කරන්නේ. දෙමල පක්ෂවල ඡන්ද ටික හොරකම් කරන්න හැදුවා. ඒක එවෙලෙම අහුවුනා. දැන් සජබෙට යාපනෙනුත් යන්න වෙලා තියෙනවා.

මාලිමාවට අතීතය අමතක වෙලා. තමන් මොකක්ද කළේ කියලා එයාලට අමතක වෙලා. එයාලගේ දිනපොතේ 1971 කියලා අවුරුද්දක් නැහැ.

රට හදන්න අපි එකතුවෙමු . තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් ලබාදෙන්න අපි සැලසුම්කරලා තියෙනවා. මේගැන අනිත් පක්ෂ කතාකළාද?

අපි විශේෂයෙන්ම රට හදන පණිවුඩය ජනතාවට ලබාදෙමු. දැන් ගෑස් පෝලිම් නැහැ. පෙට්‍රල් පෝලිම්  නැහැ. මම එක පෝලිමක් ඇතිකරනවා ඒ සැප්තැම්බර් 21 දා ඡන්ද පෝලිම ඇති කරනවා.” යැයි පැවසීය.

Previous articleඅසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරයා ගැන හෙළිදරව්වක්
Next articleරාජ්‍ය සේවයේ මූලික වැටුප  50% කින් ඉහළට – 2025 ජනවාරි සිට ක්‍රියාත්මකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here