Home අද වෛද්‍යවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මාලිමා රජයෙන් පර්මිට් දෙන්නේ නෑ – පී. හැරිසන්

වෛද්‍යවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මාලිමා රජයෙන් පර්මිට් දෙන්නේ නෑ – පී. හැරිසන්

846
0

මෙරට රාජ්‍ය නිලධාරීන්ගෙන් 30% ක් කිසිඳු වැඩක් නොකර පුටු ර්තකරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත මහතා පවසන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.

අද “පුළුවන් ශ්‍රී ලංකා” කැකිරාව ජන රැලිය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට වහාන බලපත්‍ර ලබාදීම නවතා දැමීමට කටයුතු කරන බව පැවසීම ඉතා හොඳ දෙයක් බවත් තමන්ද එයට සහය දෙන බවත් හැරිසන් මහතා කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය ආයතන වල ලේකම්වරුන්, වෛද්‍යවරුන්, පරිපාලන නිලධාරීන් සහ විදුහල්පතිවරුන්ට දලබාදෙන වහාන බලපත්‍රය නවතා දැමීමට කටයුතු කරන බව ඒ මහතාගේ ගෝලයන් විසින් සඳහන් කරන බව හැරිසන් මහතා කියා සිටියා.

පැවති සෑම රජයක්ම පාහේ රාජ්‍ය සේවකයින්ට සලකු බවත් වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි බිමක් පවා ලබාදීමට කටයුතු කළ බව කි ඒ මහතා ජාතික ජන බලවේගයේ තීරණය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් පවසන්නේ කුමක්ද යන්න ප්‍රශ්න කර සිටියා.

Previous articleසජිත්ට සහාය දීම ගැන මම දන්නේ නෑ – ITAK නායක කියයි
Next articleඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂයක් දෙකඩ වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here