Home අද IMF ගිවිසුම් වෙනස් කරලා රටවල් ගොඩ ගිහින් තියෙනවාද ?

IMF ගිවිසුම් වෙනස් කරලා රටවල් ගොඩ ගිහින් තියෙනවාද ?

1230
0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම් වෙනස් කිරීමෙන් රටවල් සාර්ථකවී නොමැති බව කොලඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ප්‍රකාශ කරනවා. ස්වාධීන රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේබව ප්‍රකාශ කර තිබේ.
“ලංකාව වගේම ඔනෑම අර්බුධයකට ගිය රටකට මුලික වශයෙන් සපුරා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉලක්ක ලබාදෙනවා. ආර්ථික අර්බුධය නැමති ලෙඩේ සනීප කරන්නනම් අවශ්‍ය කරන බෙහෙත සහ බෙහෙතේ තරම මොකක්ද කියලා තීරණය කරලා ඔවුන් ලංකාවට අයත් ණය පිළිබඳවත් විශ්ලේෂණයක් කළා. ඒ මත තමයි ලංකාව අත්කරගත යුතු ඉලක්ක සහ පදනම යෝජනා කළේ.
මේ ගිවිසුම වෙනස්කරන්න පුළුවන් ද?. බලයට පත්වෙන රජයකට පුළුවන් සංශෝධන පිළිබඳව සලකා බලන්න. නමුත් ඒ සංශෝධන අර ඉලක්ක වලට අදාළව කිරීමේ  වනහැකියාවක් නැහැ. 2027 වන විට බදු ආදායම 15% ක් අයකරගන්න අවශ්‍යනම් එය අත්කරගත යුතුම වෙනවා . එහෙම නැතිනම් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කරන්න වෙන්නේ නැහැ. ඒවගේම කවුරුහරි කිව්වොත් වැට් බදු අයින්කරලා බදු පැහැරහැරලා තියෙන අයගෙන් බදු අරගෙන මේ ඉලක්ක වලට යනවා කියලා මුල්‍ය අරමුදල දන්නවා කෙටිකාලයකින් මේ ඉලක්කයට යන්න බැහැ කියලා. මොකද මේ ඒකඟතාවයන් හඳහන්නේ දවසකින් දෙකකින් නෙවෙයි. හොදට සාකච්ඡා කරලා. ඒවගේම මේවා සංශෝධනය කරන්න යනවානම් අපේ විශ්වසනීයත්වය ගැනත් ප්‍රශ්නයක් එනවා. මේක වෙනස්කරන්න ගිහින් ග්‍රීසියට වුණේ මොකක්ද දන්නවද?. අර්බුධයෙන් අර්බුධයට යාමයි. ඒ නිසා මෙවැනි ප්‍රකාශ කිරීමේදී යම් ආකාරයකට හෝ කල්පනා කර බැලිය යුතුයි ඇතිවිය හැකි බලපෑම් මොනවාද? කියලා.”
ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගයද ප්‍රකාශ කරන්නේ ඔවුන් බලයට පත්වීමෙන් පසුව මෙම ගිවිසුම් වෙනස් කරන බවය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනතාව බුද්ධිමත්ව බැලිය යුතු බවද දුනුසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
Previous articleරට බේරගන්න එන්න හිටපු ගොඩක් ගමන කැන්සල් කරයි.!
Next articleජාතික ජනබලවේග ආණ්ඩුවකදි වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි වෙන්නේ නෑ..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here