Home අද දෙපැත්තටම යන LRT ගේනවා – ජාතික ජන බලවේගය

දෙපැත්තටම යන LRT ගේනවා – ජාතික ජන බලවේගය

1100
0

තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport (LRT) වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකූලව හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ දී එළිදක්වනු ලැබූ අතර එහි ‘මහජන ප්‍රවාහන සේවාවක් – කාර්යක්ෂම ගමනාන්තයක්‘ පරිච්ඡේදය යටතේ දක්වා තිබේ.

“තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකූලව හඳුන්වාදීම”

LRT ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දේශපාලනමය වැඩසටහනකදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකක් කියා සිටියේ සැහැල්ලු දුම්රිය ගමන් කරනුයේ එක් දිශාවකට පමණක් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය සමඟ මෑතකදී කළ සාකච්ඡා වලින් අනතුරුව අත්හිටුවා තිබූ ව්‍යාපෘති නැවත ඇරඹීමට සුදානම් බව ඔවුන් පවසා ඇති අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියද ඊට ඇතුලත් වේ

Previous articleඅපි මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හාරනවා – ජාතික ජන බලවේගය
Next articleජනපතිගේ අභියෝගයට පැය 24 යි.! අනුර හඬයි සජිත් නිහඬයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here