Home අද අනුරව දිනවන්න එංගලන්තයෙන් තවත් ශ්‍රමිකයින් දෙදෙනෙක් ලංකාවට

අනුරව දිනවන්න එංගලන්තයෙන් තවත් ශ්‍රමිකයින් දෙදෙනෙක් ලංකාවට

980
0

එළැඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට තම ඡන්දය භාවිතා කිරීම සඳහා එංගලන්තයේ සිට ශ්‍රමිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එංගලන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රමිකයන් දෙදෙනා අදහස් දක්වමින් කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේදී සංවිධාන කටයුතු සඳහා උපකාර කිරීමට ඔවුන් කලින්ම ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

ඉදිරියේ දී ද තවත් විදෙස් ශ්‍රමිකයන් පිරිසක් මාලිමාවට සහාය දැක්වීම සඳහා විදෙස් රටවල සිට මෙරටට පැමිණීමට නියමිත බව ඔවුන් අදහස් දක්වමින් කියා සිටියා.

මීට පෙරද මාලිමාවට සහාය දැක්වීම සඳහා කැනඩාවේ සිට සහ අරාබි කලාපයේ රටවල්වල සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙන් කිහිප දෙනකු මෙරටට පැමිණ තිබුනා.

විදෙස් ශ්‍රමිකයන් ලක්‍ෂ පහළොවක ප්‍රමාණයක් මාලිමාවට සහය දැක්වීම සඳහා විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන බව මෑතකදී එම පක්ෂයේ නියෝජිතයින් අදහස් පළ කර තිබුණි.

Previous articleමුල් මාස 7ට රුපියලේ 8.4%ක වර්ධනයක්
Next articleබුදුන්ගේ නෑ වූ රාජපක්ෂ අතහැර ජැක්සන්ගේ පවුල සජිත් ළඟට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here