Home අද ගුවන්තොටුපොළට A/C බස් එපා – සංගමයක් විරෝධයේ

ගුවන්තොටුපොළට A/C බස් එපා – සංගමයක් විරෝධයේ

719
0

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි 15 ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින් ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.
තම සංගමයේ සුඛෝපභෝගී බස් රථ 71ක් ලියාපදිංචි කර තිබුණත්, ඉන් බස් රථ 42ක් දිනකට ධාවනය නොවන බවත් පැවසූ ඉන්දික ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ලියාපදිංචි බස් රථයක් මාසයක් තුළ දී ධාවනයෙහි යෙදෙන්නේ දින 10ක් පමණක් බවයි.

එමෙන්ම තම සංගමයේ බස් රථ ද මීට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කළ බවත්, පසුව ආරක්ෂක හේතූන් සහ වෙනත් දේශපාලනික බලපෑම් මත ඇවරිවත්ත නගරයේ සිට තම ගමන්වාර ආරම්භ කිරීමට සිදුවූ බවත් පෙන්වා දුන්නේය.

තම බස් රථ සංගමය මේ වනවිට මෙම ගැටලුව ජනාධිපතිවරයා ඇතුළු සහ මෙම ක්ෂේත්‍රයේ බලධාරීන් වෙත යොමු කර ඇති බවත්, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් නොලැබුණහොත් තම වර්ජනය හෙට දිනය වනවිට මීගමුව මාර්ගය දක්වා ක්‍රියාත්මක කරන බවට අනාවරණය කළේය.

Previous articleනාමයෝජනා දුන් ජනපති ජනතාවට ලබාදුන් පොරොන්දුව
Next articleඑල්ලුම්ගස් නියම වෙලා ඉන්න උන් නිදහස් කරන්න ලෑස්ති අයව තමයි මාධ්‍ය උස්සන්නේ – SF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here