Home අද පොහොට්ටුවෙන් නාමල් එයි

පොහොට්ටුවෙන් නාමල් එයි

1271
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.

නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඒ බව ප්‍රකාශයට පත් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති, හිටපු අගමැති, මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රයා වන අතර රට තුළ පැවති අරගලයෙන් ජනතාව විසින් පන්නා දැමූ ජනපතිවරයකු වන ගෝඨාභය රාජපක්ෂගේ ඥාති පුත්‍රයකු වේ.

2022 මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගල කරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව රට තුළ ඇති වූ කලබලකාරී තත්වය හමුවේ රාජපක්ෂ පවුල ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අතර එම පවුලේ සියලු දෙනාට දින කිහිපයක් සැඟව සිටීමට ද සිදු විය.

Previous articleඅරාජිකවාදීන් නිසා ගිනිගෙන දැවෙන බංග්ලාදේශය
Next articleමාලිමා රජයක් යටතේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙනවා – ලාල් කාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here