Home අද මම එපා කියද්දී මැයි 09 අරලියගහ මන්දිරේට සෙනඟ ගෙනාවේ – ප්‍රසන්න...

මම එපා කියද්දී මැයි 09 අරලියගහ මන්දිරේට සෙනඟ ගෙනාවේ – ප්‍රසන්න රණතුංග

727
0

2022 මයි 09 වැනිදා අරලියගහ මන්දිරයේ රැස්වීම සඳහා පාක්ෂිකයින් කොළඹට ගෙන ඒමෙන් වලකින ලෙස තමන් එදා ඉල්ලා සිටි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඊයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, තමන්ගේ අදහසට එකඟ නොවී කොළඹට පාක්ෂිකයින් ගෙන්වූ බවත්, එලෙස ගෙන්වූ අයගේ නම් තමන් හෙළි නොකරන බවත් එලෙසෙ නම් සඳහන් කළහොත් එය නඩුවට බලපානු ඇති බවටද අමාත්‍යවරයා කියා සිටියා.

මිනිසුන් කොළඹට ගෙන්වා අවසානයේ සිදුවුයේ ඔවුන් පාක්ෂිකයින් ලැජ්ජාවට පත්වී ගෙවල් ගිනි තැබීමට පවා එය හේතුවක් වූ බවයි.

මැයි 09 වැනිදා ගත් තීරණය ඇතැම් නායකයින් සාධාරණීකරණය කිරීමට උත්සහ කළත් එය වැරදි තීන්දුවක් බව අමාත්‍යවරයා කියා සිටියා.

ජනතාව කොළඹට ගෙන්වූ පිරිස්ම එලෙස කතා කරන්නේනම්, වවිනි මිනිසුන් පිළිබඳ විශ්වාසයක් තබා දේශපාලනය කළ හැකිදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටිනවා.

Previous articleරජයේ ආයතන ඩිජිටල්කරණයට අදාළ ජනපතිගේ තීරණයට කැබිනට් අනුමැතිය
Next articleඅනුරත් ඇප තියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here