Home අද වැරදි තීන්දුවක් ගත්තොත් පොහොට්ටුවේ ඉතුරු වෙන්නේ දෙතුන් දෙනයි – ප්‍රසන්න රණතුංග

වැරදි තීන්දුවක් ගත්තොත් පොහොට්ටුවේ ඉතුරු වෙන්නේ දෙතුන් දෙනයි – ප්‍රසන්න රණතුංග

564
0

ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පක්ෂය නිවැරදි තීන්දු නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි විය හැකි බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළා “ මම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පහුගිය අවුරුදු දෙකහමාරේදීම ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113යි. අපිට ඉතුරු මාස දෙක,තුන තුළ මේ ගමන යන්න පුළුවන්.අපිට සරල බහුතරය තියෙනවා. හරි තීන්දුවක් ගත්තොත් අපි පොහොට්ටුව එක්ක ඉන්නවා.වැරදි තීන්දුවක් ගත්තොත් දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

දිවුලපිටිය ආසනයේ ඊයේ (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Previous articleතැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
Next articleරජයේ ආයතන ඩිජිටල්කරණයට අදාළ ජනපතිගේ තීරණයට කැබිනට් අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here