යළිත් වරක් ජනාධිපති ධුරයට පත්උවහොත් රටේ ආර්ථිකය යහපත්කර ජනතාවට සහන ලබාදීමට මෙන්ම තරුණ තරුණියන්ට අනාගතයක් ඇතිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
No Politics, with Ranil Wickremesinghe | Q&A #AskRanil සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පැවති ප්‍රශ්ණ විමසීමේ වැඩසටහන සමගින් එක්වෙමින් තරුණයකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.
ප්රශ්නය – ජනාධිපතිතුමනි ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයෙන් යළිත් ජනාධිපති බවට පත්උවහොත් ඔබ කරන්නේ කුමක්ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුර – කාරණා දෙකක් සිදුකරන්න තිබෙනවා. පළමුවෙන්ම මේ සිදුකරණ වැඩ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙනයමින් ආර්ථික ස්ථාවරබවක් ඇතිකර ජනතාවගේ ආර්ථික බර අඩුකර ජනතාවට සහන දෙන්න කටයුතු කරනවා.
ඒ වගේම ආර්ථිකය පහසුකරලා තරුණතරුණියන්ට අනාගතයක් නිර්මාණය කර දෙන්න කටයුතු කරනවා. ඒ අතර Netflix බලන්නත් කැමතියි” පැවසීය.