Home අද රටේ අනාගතය ඇත්තේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් ජනපති රනිල් සමඟ පමණයි

රටේ අනාගතය ඇත්තේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් ජනපති රනිල් සමඟ පමණයි

424
0

 

රටේ අනාගතය ඇත්තේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් ජනපති රනිල් සමඟ පමණක් බව සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය රමේශ් පතිරණ මහතා පැවසීය.

කඩවත දී පැවැත්වෙන “එක්ව ජයගමු” රැළියට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.

“‍මේ අවස්ථාවේ රටේ අනාගතය තිබෙන්නේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත්තා නායකයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා සමඟයි.

යුද්ධයෙන් රට බේරාගත්තු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා , කෝවිඩ්වලින් රට බේරාගත්තු ගෝඨාභය ජනාධිපතිතුමා අපිට අමතක කරන්න බැහැ වගේම රනිල් ජනාධිපතිතුමත් අපිට අමතක කරන්න බැහැ. ඒ නිසා තමයි අපි හැමෝම ජනාධිපතිතුමා සමග එකතු වුණේ. ජනතාවත් මේ කාරණය තේරුම්ගනිවි කියලා අපි විශ්වාස කරනවා’ යැයි පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Previous articleකඩවත නගරයට ඓතිහාසික ජනගඟක්
Next articleජනපති රනිල්ට කඩවතින් උණුසුම් පිළිගැනීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here