Site icon Newshub

රටේ අනාගතය ඇත්තේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් ජනපති රනිල් සමඟ පමණයි

 

රටේ අනාගතය ඇත්තේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත් ජනපති රනිල් සමඟ පමණක් බව සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය රමේශ් පතිරණ මහතා පැවසීය.

කඩවත දී පැවැත්වෙන “එක්ව ජයගමු” රැළියට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.

“‍මේ අවස්ථාවේ රටේ අනාගතය තිබෙන්නේ ආර්ථික යුද්ධයෙන් රට බේරාගත්තා නායකයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා සමඟයි.

යුද්ධයෙන් රට බේරාගත්තු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා , කෝවිඩ්වලින් රට බේරාගත්තු ගෝඨාභය ජනාධිපතිතුමා අපිට අමතක කරන්න බැහැ වගේම රනිල් ජනාධිපතිතුමත් අපිට අමතක කරන්න බැහැ. ඒ නිසා තමයි අපි හැමෝම ජනාධිපතිතුමා සමග එකතු වුණේ. ජනතාවත් මේ කාරණය තේරුම්ගනිවි කියලා අපි විශ්වාස කරනවා’ යැයි පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Exit mobile version