Home අද ට්‍රම්ප්ට වෙඩි තියයි

ට්‍රම්ප්ට වෙඩි තියයි

1484
0

ඇමරිකානු හිටපු ජනාධිපති  රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට හට වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ.

ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ දකුණු කණ තුවාල වු බවත් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Debris litters the empty rally site after shots were fired at former President Donald Trump in Butler, Pennsylvania, on Saturday.

දහසකට වැඩි පිරිසක‌ගේ සහභාගීත්වයෙන් එළිමහනේ පැවැති මෙම මැතිවරණ රැලියට පැමිණ සිටි අතරින් වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත  ආරක්ෂක අංශ නිලධාරීන්   පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගොස් ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.

මැතිවරණ රැලිය පැවැත්වූයේ පෙන්සිල්වේනියාවේ බට්ලර් ප්‍රාන්තයේ නගරයේය. වෙඩි හුවමාරුව අතරතුරේ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

Previous articleVcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle සම්මාන දිනයි
Next articleඅනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනඟනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here