Home අද රැළි වලට රැවටිලා ගෝඨාභය පාර්ට් 2 ගේන්න එපා!

රැළි වලට රැවටිලා ගෝඨාභය පාර්ට් 2 ගේන්න එපා!

2479
0

ගෝඨාභය රාජපක්ෂ නමැති අදූරදර්ශි පාලකයා යටතේ ඉතා දරුණු ලෙස වැටී තිබුන රට මේ වනවිට වැඩපිළිවෙලකට අනුව නැවත වතාවක් නැගිටිමින් සිටින බව ප්‍රගතිශීලි තරුණ එකමුතුව පවසනවා.

අද ”අවබෝධයෙන් ඉදිරියට” නමින් පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ අදහස් දක්වා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කිරීමට පෙර ජනතාවට ඔවුන් ඔහුගේ නොහැකියාව පෙන්වාදුන් බවත් නමුත් ජනතාව එය නොසලකා ඔහුව ජනාධිපති ලෙස පත්කිරීම හේතුවෙන් පෝලිම් යුගයක් ඇති වූ බවත් ඒ හේතුවෙන් සියලුම ක්ෂේත්‍ර වල ජනතාව දැඩි අපහසුතාවකට පත්වූ බවත් මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් පෙන්වා දුන්නා.

වැටී තිබුන රට නැවත වතාවක් බාරගෙන එය දැන් පවතින තත්වයට රට පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන බවත් මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට නැවත වතාවක් රට වත්මන් ජනාධිපතිවරයාටම බාරදිය යුතු බවත් ඔවුන් මෙහිදී සඳහන් කළා

නැවත වතාවක් පවතින විවිධ රැළි වලට හසුවෙමින් ගෝඨාභය PART 2 මේ රට තුළ ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ඔවුන් මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ජනතාවට තමන් කැමති පුද්ගලයකුට ඡන්දය භාවිතා කිරීමට හැකියාව ඇති බවත් නමුත් දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ කිසිඳු වැඩපිළිවෙළකින් මේ රට ගොඩනැගීමට හැකියාවක් නොමැති බවත් ප්‍රගතිශීලි තරුණ එකමුතුව පෙන්වා දුන්නා.

Previous articleහිරුණිකා හිරේ යෑමේ වාසිය සජිත්ට
Next articleයුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් SF සටන අතහරින්නේ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here