Home අද අපි බොරු කියන්නේ නෑ : අපි බාරගත්තේ ජනතාව තෙල් පෝලිමේ සිටිය රටක්...

අපි බොරු කියන්නේ නෑ : අපි බාරගත්තේ ජනතාව තෙල් පෝලිමේ සිටිය රටක් – ටිල්වින් කියයි !

308
0

සජිත් , රනිල් , නාමල් තවමත් බොරුවෙන් ජීවත් වීමට උත්සාහ කරන නමුත් වත්මන් ආණ්ඩුව එසේ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“අපට ලැබුණේ ස්වර්ගයක්” නොව ආර්ථික වශයෙන් බිංදුවට වැටී තිබුණු, ජනතාව තෙල් පෝලිම් වල හිටපු රටක් බවද ඔහු පැවසීය.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කර සිටියේ සූරියවැව ප්‍රදේශයේ අද (19) පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ ජනහමුවක් අමතමිනි .

වත්මන් පාලනය යටතේ ආර්ථිකය ස්ථාවර කර ඇති බවත්, රුපියල 300ට අඩුවෙන් තබාගෙන සිටින බවද ඔහු සඳහන් කළේය .

මේ වන විට ආණ්ඩුව හොරකම් දූෂණය නවත්වා ඇති බවද සඳහන් කළ ඔහු ආයෝජකයන්ගෙන් කොමිස් නොගන්නා බවද පැවසීය.

Previous articleපාස්කු රහස් වාර්තාව හෙළි කරනවාද, නැද්ද ආණ්ඩුව සතු වගකීමක් – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන!
Next articleදළදා මාලිගාවේ පිටුපස පෝලිමක් : ඇමති සුනිල් සෙනෙවි සමඟ සෙල්ෆි ගන්නත් අවස්ථාවක් : රට ඉන්න උවිඳු විස්තරේ ලියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here