Home අද දළදා මාලිගාවේ පිටුපස පෝලිමක් : ඇමති සුනිල් සෙනෙවි සමඟ සෙල්ෆි ගන්නත් අවස්ථාවක්...

දළදා මාලිගාවේ පිටුපස පෝලිමක් : ඇමති සුනිල් සෙනෙවි සමඟ සෙල්ෆි ගන්නත් අවස්ථාවක් : රට ඉන්න උවිඳු විස්තරේ ලියයි !

859
0

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය සඳහා මාලිගාවේ පසුපස දොරෙන් ඇතැම් පිරිස් ඇතුළු කරමින් ඇති බව මාධ්‍යවේදී උවිදු කුරැකුලසූරිය චෝදනා කරයි. සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් උවිඳු කුරුකුලසූරිය මේ චෝදනාව සිදුකරන අතර එහි එක් සටහනක මෙසේද සඳහන් කර ඇත.

“සංඝ සභාවේ තීරණයකින් තව පෝලිමක්. ඒ කියන්නෙ සතර දිග්බාගයෙම ඉන්න ඕනම සංඝයෙකුට, ඔවුන්ගේ හතරවරිගෙම පෝලිමෙන් පිට ධාතු බලන්න ගෙනියන්න පුළුවන්!”

එසේම  තවත්  සටහනක සඳහන් කර තිබෙන්නේ අමාත්‍ය සුනිල් සෙනෙවි දළදා මාලිගාවේ පදිංචි වී ඇති බවත්, ප්‍රදර්ශනය නැරඹීමට එන පිරිසට ඔහු සමඟ සෙල්ෆි ජායාරූප ගැනීමටද අවස්ථාව ලබාදී ඇති බවත් ය.

පහත දැක්වෙනුයේ එකී සටහනය.


“අඩෝ අඩෝ හිනිඳුම මලයො ඒව කරන්න බැහැ හරිද ඔයාට තනියම​ 😁🤣😁😆

මාලිගාවෙ කාමර දෙකක් අරං සැපට ඉන්න ප්ලෑන් කළේ මායි නන්දන වීරරත්නයි. 😁 ඒ කියන්නෙ අපි ශ්‍රී වික්‍රම රාජසිංහගෙ මී මුණුපුරාව වෙල්ලෝර්වලදි හමු උනාම​ BBC එකට ඩොකියුමන්ට්‍රියක් කරන්න. උගෙ ගෙදර හැමදාම රාජසිංහ රජුගෙයි බිසවගෙයි පින්තූර දෙකට හදුන්කූරු ගහනවා. අපි යනකොටත් හදුන්කූරු අළු බිම වැටිලා තිබුණා. මුණුපුරා ශ්‍රී පෘතුවි රාජසිංහ කිව්ව​, ඌ ලංකාවට ඇවිත් මාලිගාවට උරුමකම් කියල නඩු කියනව කියල​. බොන්නෙ නැහැ කියපු එකා මං ගෙනිච්ච බ්ලැක් ලේබල් බෝතෙලෙන් බාගයක්ම ඇලුමිනියම් කෝප්පෙක දාල බීල තමා ඒක කිව්වෙ. ඉතිං මම කිව්ව උඹ ඒක ගත්තම අපි දෙන්නටත් කාමර දෙකක් දීපං කියල​. 🤣🤣🤣 රාජසිංහයා වගේ අඩියක් ගහගෙන රජගෙදර නැවත රජයේ මුදලින්ම හදල අපි රජකරන්න හිතං හිටියෙ 😂😛👊

ඒක නෙමෙයි කතාව​, අන්න සඟිස්කුරිතික ඇමැති ඇපේ හිනිඳුම සුනිල් සෙනවි මලය මාලිගාවෙ පදිංචිවෙලාලු. එන එන භක්තිමතුන්ට එයත් එක්ක සෙල්ෆි ගහන්න දෙනවා! පස්ස දොරෙන් එන එවුන්ටත් එයත් එක්ක සෙල්ෆි ගහන්න දෙනවා. [ඒ පින්තූර තිබේ, ඒත් නොදමමි. ඒ අර ‘මම නොකෙරුවත් නොකරමි …..ගැරහිල්ල’ කියන හෑල්ල නිසා]

මේ පින්තූරය නම් මම සොමියට දාන්නෙ. ධාතු වන්දනාවට විරුද්ධව ලිව්ව මගේම ඉස්කෝලෙ – ඔතනම හැදිච්ච – ධර්මරාජේ – කපිල එම් ගමගේ බ්‍රෝ අද එතන ඉදන් ධාතු වන්දනාව ගුවන් විදුලිවල​ ලයිව් දෙන නිසා!”


මාධ්‍යවේදි උවිඳු කුරුකුලසුරිය මේ වනවිට විදෙස් දේශපාලන රැකවරණ මත සිටින අතර අනුර කුමාර දිසානයක ජනාධිපති කරවීමට සහ ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පත්කර ගැනීමට මතය නිර්මාණය කළ අයෙකු ලෙස ප්‍රසිද්ධිය.


 

Previous articleඅපි බොරු කියන්නේ නෑ : අපි බාරගත්තේ ජනතාව තෙල් පෝලිමේ සිටිය රටක් – ටිල්වින් කියයි !
Next articleමහින්දගේ පන්සල් දේශපාලනයට අනුර බැහැලා : නිර්මාල්ගෙන් තවත්  වීඩියෝවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here