Home අද පියුමි හංසමාලිගේ ගිණුම් 19ක වාර්තා කැඳවන්න අධිකරණයෙන් නියෝග

පියුමි හංසමාලිගේ ගිණුම් 19ක වාර්තා කැඳවන්න අධිකරණයෙන් නියෝග

2307
0

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙසේ නියෝග නිකුත් කළේය.

‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම,කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පැමිණිල්ල බහා තැබීය

Previous articleකර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට අලුතින් එන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”
Next articleවඩාත් හොඳ රටක් දරුවන්ට නිර්මාණය කර දෙනවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here