Home අද ශීඝ්‍ර සංවර්ධනයක් සහ සුරක්ෂිත රටක් හදන්න ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා එක්වන්න – ජනපති

ශීඝ්‍ර සංවර්ධනයක් සහ සුරක්ෂිත රටක් හදන්න ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා එක්වන්න – ජනපති

2751
0

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස විවෘත කෙරිණි.

“වෙනසක් සඳහා නායකත්වය”යන තේමාව යටතේ පෙබරවාරි 20 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරට එක්ව සිටින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද මෙවර අවස්ථාව හිමිකර දී තිබීම විශේෂත්වයකි.

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර පටිය සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

Previous articleවිද්‍යා පීඨ සිසු ආහාර දීමනාව 3000කින් ඉහළට
Next articleසංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here