Home අද සරම්ප අතිරේක එන්නත්කරණය 83%ක් සාර්ථකයි

සරම්ප අතිරේක එන්නත්කරණය 83%ක් සාර්ථකයි

1086
0

මාස 6ත් 9ත් අතර දරුවන්ට ලබාදුන් සරම්ප අතිරේක එන්නත්කරණ වැඩසටහන සියයට 83ක් සාර්ථක බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

මෙම එන්නත්කරණයට ලක් කළ යුතු දරුවන් 30,455ක් සිටින බවට වාර්තා වී ඇති අතර ඉන් දරුවන් 25,286ක් ඉකුත් 06 වැනිදා වනවිට බවදඒ මහතා කියා සිටියා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (08) ප්‍රකාශ කළේය.

සරම්ප එන්නත්කරණ වැඩසටහන තුළ යාපනයේ ආවරණය සියයට 93ක්, මහනුවර ආවරණය සියයට 90ක්, කුරුණෑගල ආවරණය සියයට 88.7ක් බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

මේ දිනයන්හි පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව රෝගය නිසා දරුවන් 5000ක් පමණ එන්නත්කරණයට ලක් නොවූ බව ද හෙතෙම පැවසීය.

ඉදිරි සති තුන තුළ සෙනසුරාදා දිනයන්හි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් එහිදී සියයට සියයක ආවරණයක් ලබා දිය හැකි වෙතැයි ද ඒ මහතා පැවසුවේය.

Previous articleවෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට – රජයේ සේවකයන්ටත් වාසියක්
Next articleපාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here