Home අද උසස් පෙළට අපදා බාධාවක් වෙන්න දෙන්නේ නෑ

උසස් පෙළට අපදා බාධාවක් වෙන්න දෙන්නේ නෑ

2291
0

කුමන බාධා පැමිණියත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.

අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ බව සඳහන් කළේය.

“ජනවාරි 04 සිට උසස් පෙළ විභාගය ආරම්භ කරනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ක සිටින උසස් පෙළට පෙනී සිටින දරුවන්හට අවහිරයකින් තොරව, මොන ආපදා පැමිණියත් ඔවුන්ට විභාග මධ්‍යස්ථානයට පැමිණීමට සහ කරදරයකින් තොරව විභාග ලිවීම සඳහා කටයුතු කිරීමට අපදා කලමනාකරණ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් ආයතන සමග එක්වී කටයුතු කරනවා.”

මෙවර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වැනි දා සිට 31 වැනි දා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298ක දී පැවැත්වීමට නියමිත ව ඇත.

Previous articleශ්‍රී ලංකා ක්‍රිකට් ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව ජනපතිට
Next articleඩොලර් මිලියන 100ක ආයෝජනයක් සමඟ පෝට් සිටියට රෝහලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here