Site icon Newshub

උසස් පෙළට අපදා බාධාවක් වෙන්න දෙන්නේ නෑ

කුමන බාධා පැමිණියත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.

අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ බව සඳහන් කළේය.

“ජනවාරි 04 සිට උසස් පෙළ විභාගය ආරම්භ කරනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ක සිටින උසස් පෙළට පෙනී සිටින දරුවන්හට අවහිරයකින් තොරව, මොන ආපදා පැමිණියත් ඔවුන්ට විභාග මධ්‍යස්ථානයට පැමිණීමට සහ කරදරයකින් තොරව විභාග ලිවීම සඳහා කටයුතු කිරීමට අපදා කලමනාකරණ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් ආයතන සමග එක්වී කටයුතු කරනවා.”

මෙවර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වැනි දා සිට 31 වැනි දා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298ක දී පැවැත්වීමට නියමිත ව ඇත.

Exit mobile version