Home අද ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට – තවත් 15 ක් ලබන සතියේ

ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට – තවත් 15 ක් ලබන සතියේ

2292
0

ආනයනය කරන ලද බිත්තර මිලියන 10ක් අද (18) සිට ලංකා සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.
ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බව සඳහන්ය.
මේ අතර තවත් ආනයනික බිත්තර මිලියන 15ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර එම තොග, තත්ත්ව පරීක්ෂණ කටයුතු සඳහා කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.
අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම බිත්තර තොග ද සතොස අලෙවිසල් ජාලයෙන් මෙන්ම තෝරාගත් සුපිරි වෙළෙඳසල් කිහිපයක් සඳහා බෙදා හැරීමට නියමිත ව තිබේ.
පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදකයින් අවස්ථා කිහිපයක දී බිත්තර මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැලැක්වීමේ අරමුණින් රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගත්තේය.
කෙසේවෙතත් බිත්තර ආනයනය නතර කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග යළිත් වරක් දේශීය බිත්තරයක මිල ගණන් රුපියල් 55ත් 65ත් දක්වා ඉහළ ගිය අතර පවතින තත්ත්වය තුළ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

Previous articleඋත්සව සමයේ සතොසෙන් බිත්තරයක් රු. 35ට. තවත් භාණ්ඩ 10ක මිල පහළට
Next articleNCE අපනයන සම්මාන උළෙලේදී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here