Home අද COP 28 සමුළුවේදී  දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU)   නිල වශයෙන් ප්‍රකාශයට...

COP 28 සමුළුවේදී  දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU)   නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

1322
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී ඊයේ (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එම කඩිනම් අවශ්‍යතාව හඳුනා ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (ICCU) පිහිටුවීමට තමා යෝජනා කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600 ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

 

Previous articleවිශිෂ්ඨම හෝටල් සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි
Next articleදේශගුණික විපර්යාස මැඩලීමට ශ්‍රී ලංකාවට සහාය දක්වනවා –  බිල් ගේට්ස්  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here