Home අද දේශබන්දුටත් ක්‍රිකට් ආයතනයෙන් මාසික වැටුපක්

දේශබන්දුටත් ක්‍රිකට් ආයතනයෙන් මාසික වැටුපක්

2360
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත මාසිකව ලක්ෂ 02 ට වැඩි මුදලක් ලබාදී ඇතිබව අනාවරණය වී තිබේ.

ආරක්ෂක උපදේශක තනතුරක් වෙනුවෙන් ඔහු සඳහා මාසික වේතනයක් සහ වරප්‍රසාද මේ අනුව ලබාදී ඇති අතර ඔහුට මාසිකව රුපියල් 150000 ක්, පෙට්‍රල් ලීටර 200 ක් සහ දුරකථන ඇමතුම් සඳහා රුපියල් 5000 ක මුදලක් ලබා දී ඇත.

ඊට අමතරව කාර්යාලයී​ය ප්‍රයෝජන සඳහා ජංගම දුරකථනයක් සහ ලැප් ටොප් පරිගණකයක් ද ලබා දී ඇති අතර වෛද්‍ය රක්ෂණාවරණයක් ද ඔහු වෙත පිරිනමා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියකින් හෙලිව තිබේ.

2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා වසර 2 ක කාලයක් සඳහා මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති අතර අදාල කාලය තුල බෝනස් දීමනා සහා වාර්ෂික වැටුප් වැඩි කිරීමක් ද පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් ජේෂ්ඨ කළමනාකරු මේජර් ටනේෂ් ඩයස් ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියකින් මෙම පත්වීම ප්‍රදානය කර ඇත.

Previous articleසල්ලිකාරයින්ට බදු ෆයිල් එකක් නැත්නම් බැංකු ගිණුමක්වත් අරින්න බෑ – අයවැයෙන් අලුත් නීති
Next articleබස්නාහිරට නුදුරේදීම විදුලි බස්රථ සේවයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here