Home අද ජනපති හරිත සංවර්ධනය සඳහා වු ඉහළ ‌පෙළේ නායකත්ව සමුළුව අමතයි

ජනපති හරිත සංවර්ධනය සඳහා වු ඉහළ ‌පෙළේ නායකත්ව සමුළුව අමතයි

1748
0

ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා විශාල විභවතාවයක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද චීනයේදී ප්‍රකාශ කළේය.  “එක් තීරයක් – එක් මාවතක්” සමුළුවෙහි හරිත සංවර්ධනය සඳහා වු ඉහළ පෙළේ නායකත්ව සමුළුව අමතමින් ජනාධිපතිවරයා අද(18දා) මේබව ප්‍රකාශ කළේය.

හරිත සංවර්ධනය වෙනුවෙන් ශ්‍රීලංකාව දැඩි අවධානයට ලක්කර ඇති අතර කාලගුණ වෙනස්වීම් පිළිබඳව පරීක්ෂාකිරීම සඳහා විශ්ව විද්‍යාලයක් ශ්‍රි ලංකාවේ ආරම්භකරන බවද සඳහන් කළේය. කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් පියවර ගැනීම තවදුරටත් කල්දැමිය නොහැකි බවද අවශ්‍ය පියවර කඩිනමින් ගතයුතු බවද ජනාධිපතිවරයා කීවේය. දේශගුණවිපර්යාස සම්බන්ධයෙන් මේවනවිට ලෝකයේ සිදුවන පර්යේෂණ සහ හැදෑරීම් ප්‍රමාණවත් නොවන බැවින් මෙම විශ්වවිද්‍යාලය ආරම්භකිරීමට අදහස් කළ බවත් ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය වැදගත් බවද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය. එමෙන්ම අඩු ආදායම්ලාභී රටවල ණය කපා හරින ලෙසද ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කළේය.

ශ්‍රිලංකාවේ මේවනවිට විදුලි නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් ගල්අගුරු සහ ඩීසල් භාවිතයෙන් සිදුවන අතර මේ සඳහා අධික මුදලක් වැයකිරීමට සිදුව තිබේ. පුනර්ජනනීය බලශක්ති සඳහා ක්‍රමයෙන් 2050 වන විට   ශ්‍රීලංකාව මාරුවීමට සැලසුම්කර ඇති අතර ඒ අනුව විදුලිය නිපදවීමට වැයකරන මුදල් අඩුකරගැනිමට ද සැලසුම්කර තිබේ.

Previous articleදේශබන්දුට ස්ථාන මාරුවක්?
Next articleපලස්තීනයට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතුයි – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here