Home අද විදෙස් විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධිය මෙරටදී පිළිගැනීමට රජය තීන්දු කරයි!

විදෙස් විශ්ව විද්‍යාල වල වෛද්‍ය උපාධිය මෙරටදී පිළිගැනීමට රජය තීන්දු කරයි!

2690
0

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම වෙනුවෙන් වූ අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා සෞඛ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට ද මීට පසුගිය 02 වනදා පැවැති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීම සඳහා පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Previous articleමෙවර වගාව ආරම්භයේදීම පොහොර ලබාදෙනවා – කෘෂිකර්ම ඇමති
Next articleඊශ්‍රයලයට ගහනවා කියලා ඊජිප්තුව කලින්ම කියලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here