Home අද සජිත් ඇතුළු සියලු දෙනා ජනපති සමඟ එක්වීය යුතුයි

සජිත් ඇතුළු සියලු දෙනා ජනපති සමඟ එක්වීය යුතුයි

2777
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ එකට එක්ව ගමනක් යා යුතු බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසා ඇත.

මෙය සියලු පක්ෂ නායකයන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද ඇය පවසා ඇත්තේ ඊයේ (15) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.මේ මොහොතේ රනිල් – සජිත් එක්ව ගමනක් යා යුතු බවට ජනතාව වෙතින් යෝජනා ඉදිරිපත් වන බව ත් එම යෝජනා සාධාරණ බව තමන්ද අනුමත කරන බව ත් කවිරත්න මහත්මිය සදහන් කර ඇත.

එජාපය හා සමගි ජන බලවේගය එකතු වීමට වඩා සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම වැදගත් බව ද ඇය පවසා තිබේ.  රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙදෙනා තුළ ම හොඳ නරක තිබෙන බව ත් එලෙසින් ම සෙසු පක්ෂ නායකයන් තුළ ද එම ලක්ෂණය දැකිය හැකි බවත් කී මන්ත්‍රීවරිය ජාති, ආගම් හා පක්ෂ ලෙස බෙදී වෙන් නොවී ඉදිරි වසර 25ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යෑමේ ජාතික සැලසුමක් රටට අවශ්‍ය යැයි ද අවධාරණය කර ඇත.

Previous articleමඩු මාතාවගේ ආශිර්වාදය අපිටත් ශක්තියක් – ජනපති
Next articleජවිපේ යුරෝපා ආයෝජනය ගැන කියන්න ගිය දුමින්ද ට බාධා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here