Home අද ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ යෝජනාවට අපි විරුද්ධයි

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ යෝජනාවට අපි විරුද්ධයි

705
0

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී  ප්‍රාථමික ගණුදෙනුකරුවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර නොමැති අතර ඔවුන්ට මෙමගින් කිසිදු බලපෑමක් නොවන අතර එය අසාධාරණ ක්‍රියාවලියක් බවද හෙතෙම පැවසීය.

එමෙන්ම රජයට බදු ගෙවිය යුතු මත්පැන්හල් පවත්වාගෙන යන ආයතන රුපියල් කෝටි 622 ක බදු පැහැර හැර ඇති අතර මේ හරහා රජයට හිමිවිය යුතු අදායම විශාල ප්‍රමාණයක් ලැබී නොමැති බවද හෙතෙම අවධාරණය කළේය. අර්ථසාධක අරමුදල ප්‍රතිව්‍යුගතකරන ආකාරයෙන්ම  මේ සම්බන්ධයෙන් ද රජය අවධානය යොමුකළ යුතු බව හෙතෙම පැවසීය.

රජය සිදුකරන මෙම ණය ප්‍රතිව්‍යූගතකරණය හරහා රටේ ආර්ථිකය තවදුරයත් හැකිළෙන බවද එබැවින් මෙයට විරුද්ධව ඡන්දය ලබාදෙනව බවද විජිත හේරත් මහතා පැවසීය.

 

Previous articleවිදෙස් ණය 50% ක් කපා හරින්න – සජිත්
Next articleලන්සා – ගොඩහේවා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here