Home අද ශ්‍රීලංකාවේ උද්ධමනය පහළට

ශ්‍රීලංකාවේ උද්ධමනය පහළට

702
0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළට රුපියල්වලින් ගත් ණය ද ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. අදාල තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඊයේ ප්‍රකාශ කළේ, මෙය විදෙස්ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සමගාමීව සිදු කරන බවත්, එය විදෙස් ණය හිමියන්ගේ විශ්වාසය තව තවත් වර්ධනය කිරීම සඳහා වන පියවරක් වශයෙනුයි. ඒ අනුව මෙම රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට මහා බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් සලකා බලන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටිනවා. මේ වන විට මුළු භාණ්ඩාගාර බිල්පත් තොගයෙන් සියයට 62.4ක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින අතර සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාම අරමුදල් සතුව භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 42.7ක් පමණ ප්‍රමාණයක් පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල ක්‍රියාවලියේ දී මෙරට දේශීය ණය මේ වසරේ මැයි මාසය වන විටත්, විදේශීය වශයෙන් ලබා ගත් ණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විටත් ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ. මේ අතර ස්ට්ව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව මේ වනවිට 02 ස්ථානයේ සිට 19 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා. 2022 වසරේ ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක් ලෙස 02 ස්ථානයේ පසු වුණා. මේවනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහ වෙනත් ප්‍රදාන ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව 19 ස්ථානයට පත් ඇති බවයි අදාළ දර්ශකයෙන් පෙන්වා දෙන්නේ.

 

Previous articleජනතාවගේ ප්‍රසාදය තුට්ටුවට වැටුන රාජපක්ෂ පවුල
Next article“මහින්ද මහත්තයා අපිට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා හිතනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here