Home අද කන්න නැතත් ඡන්ද ඉල්ලන වල්බූරු දේශපාලනය

කන්න නැතත් ඡන්ද ඉල්ලන වල්බූරු දේශපාලනය

655
0

රටේ ආර්ථික ප්‍රශ්නය මේවනවිට දරුණු මට්ටමකට පැමිණ තිබේ. එය විසඳාගැනීමට ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෝ පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනන අතර එසේ උවද රටතුළ ඒසඳහා සහයෝගයක් නොමැතිවීම කණගාටුවට කරුණකි.

ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින්  එදාවේල සපයා ගැනීමේ අපහසුතාවයකට ජනතාව මුහුණ දෙමින් සිටියද බොහෝ දේශපාලන පක්ෂවලට (ජනතාවට නොව) මේ මොහෙතේ අවශ්‍යව ඇත්තේ ඡන්දයකි. නැව ගිලෙන්න ගියද බලය වෙනුවෙන් සටන් වදින ලංකාවේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය මේවනවිට පැහැදිලිව පෙනෙන්ට තිබේ.

ආර්ථික අර්බුදය දරුණුයි

මේවනවිට දරුණු මුල්‍යමය ප්‍රශ්නයකට රට මුහුණ දී සිටින අතර දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවා ඇත්තේ  යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල්  බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා ඇති අතර එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව ද හෙතෙම කීවේය.

එමෙන්ම මේවනවිට වී මිලදී ගැනීම ඇතුළු රටේ ජනතාවගේ ආහාර ප්‍රශ්නය විසඳීමට රජයට මුදල් සොයාගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටියි.

අයවැයෙන් 5% ක් කපා ගැනීම

මෙවැනි අර්බුද හේතුවෙන් 2023  වර්ෂය සඳහා වෙන්කළ මුදල් වලින් සියලුම රාජ්‍ය ආයනවල මුදල් වලින් 5% බැගින් කපාගැනීමට රජය තීරණය කර තිබේ. එසේ නොකළ හොත් රජය පවත්වාගෙන යා නොහැකි බවද ඒ් වෙනුවෙන් මෙසේ කරන බවද රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය.

විදෙස් ණය

ලංකාව ලබා ඇති විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර ලංකාවට නැගිටීමට සහය ලබාදෙන ලෙස ලෝකය පුරා සිටින ආර්ථක විශේෂඥයෝ එක හඩින් කියමින් සිටියි. ඒමෙන්ම ලෝකයේ ණය ලබාඇති රටවල් බොහොමයක් ඒ සඳහා එකග වී ඇති අතර චීනය පමණක් මෙතෙක් එ සඳහා එකඟතාවය පළකර නොමැත.

රටේ මන්දපෝෂණ තත්වය ඉහළ යා හැකි බවත් , ලෝකයේ ආහාර මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවත් ලෝක බැංකුව ඇතුළු ප්‍රධාන ආයතන කිහිපයක් අනාවැකි පළකර  තිබේ. එබැවින් සියල්ලට පෙර රටේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකරන ලෙසය.

හොරට නිදාගෙන සිටින දේශපාලන පක්ෂ

ලංකාව තුළ පවතින මෙම අර්බුදකාරී තත්වය පිළිබඳ කිසිදු දේශපාලන පක්ෂයක් අවබෝධයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නොතිබේ. කොතරම් තේරුම් කිරීමට උත්සහ කළද ඔවුන් තේරුම්ගන්නේද නැත. ඔවුන් සියලුදෙනා හැසිරෙන්නේ හොරට නිදාගෙන සිටින වුන් විසලසයට. රටේ ආර්ථික තත්වය යහපත් කිරීමට , රට ස්ථාවර කිරීමට එක්වන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදී පැවසුවද එය ඔවුන්ට නෑසුනි. එසේ උවද ඡන්දය ගැනීමට එක පොදියට සන්ධාන සඳාගැනීමට ඔවුන් පුදුම වෙහෙසක් ගනි . ඒවෙනුවෙන් පුදුම උනන්දුවකින් වැඩකරති. කන්නනැතිව මිනිසුන් මිය ගියද ඔවුන් ඉල්ලන්නේ ඡන්දයකි.

මේවනවිට රටතුළ ඖෂධ හිගයක්, ආහාර , ඉන්ධන ඇතුළු සියලුදේ හිගවෙමින් පවතී. ඡන්දය පැවැත්වීමට ද විශාල මුදල්ක් වැය වන බව මේවනවිට සියලුදෙනා දන්නා යථාරතයකි.

මැතිවරණ අවශ්‍යයි

ප්‍රජාත්‍රන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ මැතිවරණ පැවැත්වීම අතශ්‍යවශ්‍ය කරුණකි. එසේඋවද රට ගිලෙන්න යන මොහොතේ මුලින්ම කළ යුතතේ ගිලීමෙන් බේරා ගැනීම මිස ඡන්ද පැවැත්වීම නොවේ. ඉන් පසු ඡන්ද පැවැත්වීමට ඔනෙම කෙනෙකුට කළ හැකිය.  නමුත් ඡන්දය පැවැත්වීමට ද රටක් අවශ්‍යය.  මේ මොහොතේ පවතින උවදර හදුනා‌ගෙන එයට පිළියම් යෙදීමට සියල්ලෝම එක්වන්නේනම් ඉතා ඉක්මණික් ඡන්දයක් පැවැත්විය හැකි රටත් බවට මෙරට පත්කරගැනීමට හැකියාව ලැබේ.

 

 

 

 

Previous articleමිනිස්සුන්ට ඕනේ ඡන්දෙ නෙමෙයි. ජීවත් වෙන්න අවශ්‍ය බේසික් දේවල් – වෙල්ගම
Next articleපාස්කු ඉරිදා ප්‍රහාරය ගැන දැනන් හිටියේ නෑ කියපු මෛත්‍රීට ගෙවන්න වුන වන්දිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here