Home අද විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක අංශවෙත ලබාදුන් උපදෙස්

විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක අංශවෙත ලබාදුන් උපදෙස්

687
0

විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී තිබෙනවා.

අද (13) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

මේ අතර, විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් එවිට බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවකාශය හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

“මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාව කොළඹ විශ්වවිද්‍යාලය තුළ මරා දැමීමේ සිද්ධියේ පටන් විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ කාමර ඇතුළේ හිරකරලා, ශිෂ්‍යයන් විසින් විවිධ වධහිංසනයට ලක්කිරීම වැනි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. විශ්වවිද්‍යාල තුළ දී සිසුන් මරා දැමීම පිළිබඳ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් පවතින තත්ත්වයන් පිළිබඳවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය යෙදවීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් කරලා මේ රටේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට මෙන්ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලය තුළ ගැවසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට කියලා ජනාධිපතිතුමා විශේෂයෙන් ආරක්ෂක ඇමතිතුමාට හා නීතිය භාර සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.”

Previous articleප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
Next articleවිශ්විවිද්‍යාල පද්ධතිය තුළ ඉතාම නරක ලෙස ප්‍රචන්ඩත්වය පැතිරෙනවා – චරිත හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here