Home අද සජිත් ඊලඟට ගුටිකන හැටි ඩයනා කියයි

සජිත් ඊලඟට ගුටිකන හැටි ඩයනා කියයි

814
0

විවිධ කඩාකප්පල්කාරී කටයුතු සිදුකර රට ගොඩගැනීමේ මෙහෙයුම කඩාදැමීමට කටයුතු නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද(28දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියාය.

“ විපක්ෂ නායකතුමා දැන් ආයෙමත් නුවර ඉදන් කොළඹට පෙළපාලියක් එන්න යනවා කියලා මට ආරංචි වුනා. මේදෙවල් වලින් පෙන්නන්නේ ඔබතුමාගෙ නොහැකියාව . ලියුම් ලිය ලිය හිටපු වෙලාවේ  ඔබතුමාට රට භාරඅරගෙන කරන්න තිබුණනෙ. එහෙම භාරගත්තේ නැත්තේ බැරි නිසා. ඒනිසා ඒ අවස්ථාවේ වගකීම් භාරඅරගෙන අභියෝගය භාරගත්තු ජනාධිපතිතුමාට රට කරගෙන යන්න ඉඩදෙන්න ඔන.  සංචාරකයෝ පැමිණෙන මේ වෙලාවේ අයෙත් රට අවුල් කළොත් එහි සම්පුර්ණ වගකීම විපක්ෂ නායකතුමා භාරගන්න ඔනේ. අනිත් එක මම තව එක දෙයක් කියන්නම් මේ විදිහට විපක්ෂ නායකතුමා රට අවුල කරන්න ගියෝත් ආයේ ගුටි කන්නේ පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන්” යැයි පැවසුවාය.

Previous articleබැසිල් සල්ලි ගෙව්වා – සාගර කියයි
Next articleඅරගලකරුවන් හොඳම 100ට ඇතුලත් කරපු ගෝඨාගේ කාර්යාල කාමරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here