Home අද ශ්‍රී ලංකාවේ ධීවරයන්ට බ්‍රිතාන්‍යය පවුම් 880,000 දෙයි

ශ්‍රී ලංකාවේ ධීවරයන්ට බ්‍රිතාන්‍යය පවුම් 880,000 දෙයි

585
0

එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා බ්‍රිතාන්‍ය පවුම් 880,000ක් මුදලක් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය නිවේදනය කර තිබෙනවා.

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම,හලාවත සහ මන්නාරම දිස්ත්‍රික්කයන් හි සිටින අවදානමට ලක්වූ ධීවරයන්ගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා මෙම ප්‍රදානය යොදා ගැනෙනු ඇතැයි සාරා හල්ටන් මහත්මිය පෙන්වා දුන්නාය.

මෙම සතියෙ සැමරෙන ලෝක ධීවර දිනය (නොවැම්බර් 21) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වන සාරා හල්ටන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ලංකාවේ ධීවර කර්මාන්තය ඉතා අසීරු අඩියක සිටින බව හඳුනාගෙන ඇති බව යි.

Previous articleවිදුලිබල මණ්ඩලය තුනට කඩන්න –  මහින්දාන්ද
Next articleජොන්ස්ටන්ගේ නඩුවක් දෙසැම්බර් 09 කැඳවන්නැයි නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here