Home අද සජිත්, මහින්ද රාජපක්ෂගේ හොඳ අනුගාමිකයෙක් – ජනපති

සජිත්, මහින්ද රාජපක්ෂගේ හොඳ අනුගාමිකයෙක් – ජනපති

604
0

රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කළා.

“විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාබ ලබන ඒවා විකුණන්න එපා.. කුණු කොල්ලයට කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක පටන් ගත්තේ ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ.. කර්මාන්ත ඇමති හැටියට.”

“අපි පළමුවෙන්ම විකුණුවේ යුනයිටඩ් මෝටස්. ලාබ ලබන ආයතනයක්. දෙවනුව සිලෝන් ඔක්සිජන්. ලෙදර් කෝපරේෂන්. ටයර් කෝපරේෂන්. ලංකා මිල්ක් ෆුඩ්. මේ ඔක්කොම ලාබ ලබපු ඒවා. ඊළඟට වැවිලි සමාගම්.”

“77 ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස 89 ඊළඟ පියවර ගත්තා. ඒ තමයි රජයේ පාලනය ඉවත් කරන්න. සමහර අංශ පුද්ගලික අංශයට භාර දෙන්න. මේක අපි උදාහරණයක් කරගත්තේ චීනයෙන්. දැනුත් බලන්නේ ඒක කරන්න. අපි බැලුවේ ලාබ ලබන ඒවා කරන්න.”

“ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. අද එතුමගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කියනවා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා.”

Previous articleමම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – ජනපති
Next articleජනපතිගෙන් සියලු පක්ෂ වලට ආරාධනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here